Home » 13 හැවි­රිදි පාසල් සිසු­වි­යක දූෂ­ණය කළැයි ඥාති මාමා පොලි­සි­යට කොටු

13 හැවි­රිදි පාසල් සිසු­වි­යක දූෂ­ණය කළැයි ඥාති මාමා පොලි­සි­යට කොටු

by Gayan Abeykoon
July 2, 2024 1:15 am 0 comment

නෝට­න්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේ­ශයේ පදිංචි 13 හැවි­රිදි පාසල් සිසු­වි­යක් දූෂ­ණය කළේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වකු නෝට­න්බ්‍රිජ් පොලි­සිය විසින් පෙරේදා (30) දින පස්ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

සැක­කරු මීට ප්‍රථම නව හැවි­රිදි පාසල් දැරි­යක් අප­යෝ­ජ­නය කර ප්‍රදේ­ශ­යෙන් පලා­ගොස් වසර 10ක පමණ කාල­යක් මාව­නැල්ල ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු ලෙස වෙස් වලා­ගෙන සැඟව සිට තිබේ. ඒ අව­ස්ථා­වේදී නෝට­න්බ්‍රිජ් පොලි­සියේ නිල­ධා­රීන් විසින් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන හැටන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු සැක­කරු මාස පහක කාල­යක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිට දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇති බව නෝට­න්බ්‍රිජ් පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කපිල විජේ­රත්න මහතා කියා සිටි­යේය.

සැක­කරු පෙරේදා (30) දින උදෑ­සන හැටන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නියෝ­ග­යක් මත පොලි­සිය වෙත අත්සන් කිරී­මට පැමිණ පසුව ඔහුගේ ඇප­යට අත්සන් කළ ඇයගේ සොහො­යු­රි­කගේ නි‍ෙව­සට ගොස් සොහො­යු­රි­යගේ දිය­ණිය දූෂ­ණය කර ප්‍රදේ­ශ­යෙන් පලා­ගොස් සිටි­යදී පොලි­සිය වෙත දැරි­යගේ මව විසින් කරන ලද පැමි­ණිල්ල මත මාර්ග බාධක යොදා සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

දූෂ­ණ­යට ලක් වූවේ යැයි කියන පාසල් සිසු­විය දික්ඔය මූලික රෝහල වෙත ඇතු­ළත් කර ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු 29 හැවි­රිදි නෝට­න්බ්‍රිජ් ප්‍රදේ­ශ­යේම පදිං­චි­ක­රු­වකු බවත් සැක­කරු හැටන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරන බව නෝට­න්බ්‍රිජ් පොලි­සිය පැවැ­සීය.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධි­කාරි නිපුණ දෙහි­ගම මහතා සහ සහ­කාර පොලිස් අධි­කාරි 02 ජය­සිංහ යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි නෝට­න්බ්‍රිජ් පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කපිල විජේ­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ නෝට­න්බ්‍රිජ් පොලි­සියේ කාන්තා කාර්යාං­ශයේ ප්‍රධානි ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කමණි, උපොප මද්දුම බණ්ඩාර, පො.සැ. හරේන් (72735), පො.කො. නුවන් (74574) , ක.පො. ශානිකා (12382), කා.පො. දිල්මි (13089) යන නිල­ධා­රීන් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යුම සිදු­කර ඇත.

හැටන් - රංජිත් රාජ­පක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x