නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් පෙරේදා (30) දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මීට ප්‍රථම නව හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කර ප්‍රදේශයෙන් පලාගොස් වසර 10ක පමණ කාලයක් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ලෙස වෙස් වලාගෙන සැඟව සිට තිබේ. ඒ අවස්ථාවේදී නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මාස පහක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේරත්න මහතා කියා සිටියේය.
සැකකරු පෙරේදා (30) දින උදෑසන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පොලිසිය වෙත අත්සන් කිරීමට පැමිණ පසුව ඔහුගේ ඇපයට අත්සන් කළ ඇයගේ සොහොයුරිකගේ නිෙවසට ගොස් සොහොයුරියගේ දියණිය දූෂණය කර ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී පොලිසිය වෙත දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ල මත මාර්ග බාධක යොදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දූෂණයට ලක් වූවේ යැයි කියන පාසල් සිසුවිය දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවැසීය.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා සහ සහකාර පොලිස් අධිකාරි 02 ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නෝටන්බ්‍රිජ් පොලිසියේ කාන්තා කාර්යාංශයේ ප්‍රධානි ප්‍රධාන පොලිස් පරීක්ෂක කමණි, උපොප මද්දුම බණ්ඩාර, පො.සැ. හරේන් (72735), පො.කො. නුවන් (74574) , ක.පො. ශානිකා (12382), කා.පො. දිල්මි (13089) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකර ඇත.