Home » 16 සාර­වි­ට­කා­ර­යත් සමඟ පැන ගිය 12 වියේ දැරිය සිටි නිවෙසේ අඹු­ක­මට ගත් 21 හැවි­රිදි තරු­ණි­යක්
පස් දින­කට පෙර අනු­රා­ධ­පුර සැණ­කෙළි භූමි­යෙන් අතු­රු­දන් වූ 12 හැවි­රිදි දැරිය මීගොඩ නිවෙ­සක

16 සාර­වි­ට­කා­ර­යත් සමඟ පැන ගිය 12 වියේ දැරිය සිටි නිවෙසේ අඹු­ක­මට ගත් 21 හැවි­රිදි තරු­ණි­යක්

by Gayan Abeykoon
July 2, 2024 1:07 am 0 comment

අනු­රා­ධ­පුර පුර­වර උදා­නය පොසොන් සැණ­කෙළි භූමියේ මීට දින 5කට පෙර අතු­රු­දන් වූ 12 හැවි­රිදි පාසල් දැරිය මීගොඩ ප්‍රදේ­ශයේ නි‍ෙව­ස­කින් හමුවූ බවත්, එම බාලවය­ස්කාර දැරිය රැගෙන ගිය 16 හැවි­රිදි පාසල් වයසේ පසු­වන සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බවත් එම නි‍ෙවසේ අඹු­ක­මට තබා ගෙන සිටි 21 හැවි­රිදි තවත් කාන්තා­වක් ද හමුවූ බව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කිරීම සඳහා 12 හැවි­රිදි එම දැරිය, ඇය රවටා රැගෙන ගිය 16 හැවි­රිදි සැක­කරු, එම සැක­ක­රුගේ නි‍ෙවසේ සිටි 21 හැවි­රිදි තරු­ණිය, තම භාර­යට ගෙන අනු­රා­ධ­පු­ර­යට රැගෙන ආ බව පොලි­සිය පව­සයි.

මෙම දැරි­යගේ මව සහ මවගේ සහෝ­ද­ර­යකු සැණ­කෙළි භූමිය අසල වෙ‍ෙළ­ද­ස­ලක් පව­ත්වා­ගෙන ගොස් ඇති අතර එම දැරි­යගේ පියා විදේ­ශ­ග­තව සිටින බවත් පොලි­සිය පව­සයි.

එම දැරිය සැණ­කෙළි භූමියේ පැවැ­ත්වෙන සංගීත සංද­ර්ශ­නයේ නර්ත­නයේ යෙදී­මට අවශ්‍ය යැයි මවට පවසා, මව අව­සර ලබා දීමෙන් අන­තු­රුව නට­මින් සිටි­යදී සැණ­කෙළි භූමි­යේදී හිත­වත් වූ සාර­විට විකු­ණන තරු­ණ­යකු සමඟ බස් රථ­යක නැගී මීගොඩ ප්‍රදේ­ශ­යට ගොස් තිබූ බව පොලි­සිය අනා­ව­ර­ණය කර ගෙන ඇත.

නර්ත­නයේ යෙදී­මට ගිය තම දැරිය අතු­රු­දන්ව ඇති බවට එම දැරි­යගේ මව සිදු කළ පැමි­ණි­ල්ල­කට අනුව දින 5කට ආසන්න කාල­යක් එම දැරිය සෙවීමේ කට­යු­ත­වල නිර­තව සිටි­යදී, එම දැරිය මීගොඩ ප්‍රදේ­ශයේ පිහිටි නි‍ෙව­සක සිටි­යදී මෙලෙස සොයා ගත් බව මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කරන පොලි­සිය සඳ­හන් කළේය.

අනු­රා­ධ­පුර පොලිස් කණ්ඩා­ය­මක් එම නි‍ෙව­සට ගොස් සිදු කළ විම­ර්ශ­න­ය­කදී දැරිය රවටා රැගෙ­නආ එම 16 හැවි­රිදි සැක­කරු එම නිවසේ 21 හැවි­රිදි කාන්තා­වක් ද අඹු­ක­මට තබා ගෙන සිටි බව පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

අතු­රු­දන් වූ දැරිය සොයා ගැනීම සඳහා පොලි­සිය කණ්ඩා­යම් කිහි­ප­යක් එක්ක දීර්ඝ විම­ර්ශ­න­යක් සිදු කර ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. එහිදී උසස් නිල­ධා­රි­යකු පැවැ­සුවේ මවු­පි­යන් දරු­වන් පිළි­බ­ඳව මීට වඩා දැඩි සැල­කි­ල්ලෙන් සහ අව­ධා­න­යෙන් සිටිය යුතු බවය.  අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ගෙන් සහ සැක­කා­රි­ය­ගෙන් වැඩි ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර 12 හැවි­රිදි බාල වය­ස්කාර දැරිය වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සඳහා යොමු කිරී­මට නිය­මි­තව ඇති බව ද පොලි­සිය පව­සයි.

අනු­රා­ධ­පුර සංචා­රක - සශිනි මධු­ෂාණි අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x