Home » නාවික සෙබළා මරා දැමූ ඉන්දීය ධීව­ර­යින්ට සමාව අයදියි

නාවික සෙබළා මරා දැමූ ඉන්දීය ධීව­ර­යින්ට සමාව අයදියි

by Gayan Abeykoon
July 2, 2024 1:05 am 0 comment

යාප­නය ඩෙල්ෆ්ට් දූපත ආස­න්නයේ මුහුදු සීමා­වේදී ඉන්දීය ධීව­ර­යින්ගේ පහ­ර­කෑ­ම­කට ලක්ව මිය­ගිය නාවික හමුදා සෙබ­ළාගේ මර­ණය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන සිටින ඉන්දීය ධීව­ර­යින් දස දෙනාට සමාව ලබා දී ඔවුන්ව නිද­හස් කර දෙන ලෙස ධීව­ර­යින්ගේ ඥාතීන් රාමේ­ෂ්ව­රන් දේශ­පා­ල­න­ඥ­යින්ට ලිපි බාර දෙමින් පෙරේදා (30) ඉල්ලීම් කොට තිබේ.

එම ලිපි­වල සඳ­හන් කරුණු ගැන සලකා බලා ශ්‍රී ලංකා රජයේ වග­කි­ව­යු­ත්තන්ට දැනුම් දී තම ධීව­ර­යින් අත්අ­ඩං­ගු­වෙන් මුදා දෙන ලෙස ඔවුන්ගේ ඥාතීන් රාමේ­ෂ්ව­රන් දේශ­පා­ල­න­ඥ­යි­න්ගෙන් ඉල්ලා ඇත.

ඔවුන් ලිපි බාර ගනි­මින් ප්‍රකාශ කොට ඇත්තේ මේ සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරීම පිණිස තමි­ල්නාඩු ප්‍රධාන අමා­ත්‍ය­ව­ර­යා­ගෙන් අව­ස්ථා­වක් ඉල්ලා ඇති බවයි.

තමි­ල්නාඩු ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා හරහා මධ්‍යම රජයේ වග­කිව යුතු අමා­ත්‍ය­ව­රුන් දැනු­ම්වත් කොට ඔවුන් ලවා ශ්‍රී ලංකා රජයේ බල­ධා­රීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාක­ච්ඡා­වක් පවත්වා ඉන්දීය ධීව­ර­යින් දස දෙනා නිද­හස් කර ගැනී­මට උත්සාහ කරන බව­ටද රාමේ­ෂ්ව­රන් දේශ­පා­ල­න­ඥයෝ දැනට අත්අ­ඩං­ගුවේ සිටින ඉන්දීය ධීව­ර­යින්ගේ ඥාතීන්ට පොරොන්දු වී තිබේ.  රාමේ­ෂ්ව­රන් දේශ­පා­ල­න­ඥ­යින් වෙත බාර දෙන ලද ලිපි­වල පිට­පත් රාමේ­ෂ්ව­රන් ධීවර සංග­ම්වල නියෝ­ජි­ත­යින් වෙතද බාර දී ඇත.

නාවික හමුදා සෙබ­ළාගේ මර­ණය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් ඉන්දීය ධීව­ර­යින් දස දෙනා මල්ලා­කම් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව ජූලි මස 8 වැනිදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

 

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x