Home » මහ­පාරේ මල් පෝච්චියේ හැපී තරු­ණ­යෝ දෙදෙ­නෙක් මරුට

මහ­පාරේ මල් පෝච්චියේ හැපී තරු­ණ­යෝ දෙදෙ­නෙක් මරුට

අයෙක් බර­ප­තළ තුවාල ලබා රෝහලේ

by Gayan Abeykoon
July 2, 2024 1:06 am 0 comment

කුරු­ණෑ­ගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේ­වෙල නගර මධ්‍යයේ ඊයේ (01) දින අලු­යම යතු­රු­පැ­දි­යක් මාර්ගයේ මැද තිබූ විශාල මල් පෝච්චි­යක ගැටී­මෙන් තරු­ණ­යන් දෙදෙ­නෙකු මිය ගොස් තවත් එක් තරු­ණ­යකු බර­ප­තළ තුවාල ලබා ඇතැයි ගලේ­වෙල පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ ගලේ­වෙල වයඹ ඇළ ව්‍යාපෘ­තියේ සේවය කරන සේව­ක­යන් තිදෙ­නෙකු වන තඹ­ල­පැ­ලැල්ල කාරි­ය­ම­ඩිත්ත ප්‍රදේ­ශයේ පදිංචි ප්‍රියන්ත පුෂ්ප­කු­මාර 39 හැවි­රිදි අයෙකු සහ ලග්ගල හත්තො­ට­අ­මුණ ප්‍රදේ­ශයේ පදිංචි දිලංක ප්‍රදීප් අත්ත­නා­යක 27 හැවි­රිදි තරු­ණ­යකු බව ගලේ­වෙල පොලි­සිය පව­සයි.

අන­තු­රින් තුවාල ලබා ගලේ­වෙල රෝහලේ ප්‍රති­කාර ලබන්නේ සරත් රූප­සිංහ නැමැති 41 හැවි­රිදි අයෙකු බවද ඔහු­ගෙන් නිසි ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට පවා නොහැකි තත්ත්ව­යෙන් පසු­වන බව පොලි­සිය සඳ­හන් කළේය.

කුරු­ණෑ­ගල දෙසින් දඹුල්ල දෙසට අලු­යම 2.35ට පමණ යතු­රු­පැ­දි­ය­කින් මෙම තිදෙ­නාම ගමන් කර­මින් තිබි­යදී මාර්ගය මැද අලං­ක­ර­ණය සඳහා තබා තිබූ මල් පෝච්චි­යක යතු­රු­පැ­දිය ගැටී­මෙන් මෙම අන­තුර සිදුවී ඇතැයි පොලි­සිය පව­සයි.

අන­තුර සිදු­වී­මත් සමඟ එම ස්ථාන­යේ­දීම තරු­ණ­යන් දෙදෙ­නෙකු මිය ගොස් ඇති බව පක්ෂ­ණ­ව­ලදී හෙළි වී තිබේ. මිය­ගිය පුද්ග­ල­යන් දෙදෙ­නාගේ දේහ­යන් මේව­න­විට පශ්චාත් මරණ පරී­ක්ෂණ සඳහා දඹුල්ල රෝහ­ලට රැගෙන ගොස් ඇතැයි ගලේ­වෙල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක විපුල බණ්ඩාර මහතා පැවැ­සීය.

වයඹ ඇළ ව්‍යාපෘ­තියේ සේවය කරන මෙම තිදෙනා අලු­යම් කාලයේ සේවය නිමවා නැවත ගමන් කර­මින් සිටියේ ද, එසේත් නොමැති නම් වෙනත් කට­යු­ත්තක් සඳහා පිටත්ව ගියේද යන්න නිසි තොර­තු­රක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් අන­තු­රට හේතුව කුමක් ද යන්න අනා­ව­ර­ණය කර ගැනීම සඳහා පුළුල් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන බව ගලේ­වෙල පොලි­සියේ රථ­වා­හන අංශයේ නිල­ධා­රීහු පව­සති.

 

සීගි­රිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x