Home » මැර ප්‍රහා­ර­ය­කින් බර­ප­තළ තුවාල ලැබූ අයෙක් රෝහලේ

මැර ප්‍රහා­ර­ය­කින් බර­ප­තළ තුවාල ලැබූ අයෙක් රෝහලේ

by Gayan Abeykoon
July 2, 2024 1:05 am 0 comment

 

වනා­ත­වි­ල්ලුව පොලිස් බල­ප්‍ර­දේ­ශ­යට අයත් වට්ට­ක­න්ඩල් ප්‍රදේ­ශ­යේදී සංවි­ධා­නා­ත්මක පිරි­සක් විසින් කඩු­ව­ලින් සහ පොලු­ව­ලින් සිදු කළ පහ­ර­දී­ම­කින් බර­ප­තළ තුවාල ලබා එක් අයකු පුත්ත­ලම මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව වනා­ත­වි­ල්ලුව පොලි­සිය සඳ­හන් කරයි.

මෙම සංවි­ධා­නා­ත්මක පිරිස විසින් කඩු සහ පොලු රැගෙ­න­විත් තුවා­ල­ක­රුට බර­ප­තළ ලෙස පහ­ර­දී­මෙන් ඔහුගේ එක් පාද­යක් සහ අත් දෙකට බර­ප­තළ තුවාල සිදු­වී­මෙන් කඩි­න­මින් රෝහ­ල්ගත කිරී­මට කට­යුතු කර තිබුණි. මෙසේ තුවාල ලබා ඇත්තේ වට්ට­ක­න්ඩල් ප්‍රදේ­ශයේ පදිංචි මොහ­ම්මදු තාහීර් මොහො­ම්මදු කාමල් නමැති 42 හැවි­රිදි විවා­හ­යකු බව පොලි­සිය පව­සයි.

වසර ගණ­නා­වක සිට පැවැති කෝන්ත­ර­යක් මුල්කර ගනි­මින් මෙම ගැටුම හට ගෙන ඇති අතර, තුවා­ල­කරු ද ඔවුන් සමඟ උර­ණවී වචන හුව­මා­රු­වක් කටි­න්කට යාම හේතු­වෙන් මෙම පහ­ර­දීම සිදුව ඇති බව පරී­ක්ෂණ පව­ත්වන වනා­ත­වි­ල්ලුව පොලි­සිය සඳ­හන් කළේය.

මෙම පහ­ර­දීම සඳහා හත් දෙන­කු­ගෙන් සම­න්විත පිරි­සක් පැමිණ ඇති අතර, ඔවුන් මේ වන විට ප්‍රදේ­ශ­යෙන් පලා­ගොස් ඇති අතර, සිද්ධි­යට සම්බන්ධ ප්‍රධාන සැක­ක­රුගේ මව සහ පියා මෙම ගැටුමේ සැක­ක­රු­වන් වන අතර, එම දෙපල වනා­ත­වි­ල්ලුව පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

අනෙ­කුත් සැක­ක­රු­වන් මේ වන­ විට ප්‍රදේ­ශ­යෙන් පලා­ගොස් ඇති අතර, වනා­ත­වි­ල්ලුව පොලි­සියේ නිල­ධා­රීන් ඔවුන් සොයා පුළුල් විම­ර්ශන ආරම්භ කර තිබේ.

 

වනා­ත­වි­ල්ලුව සමූහ කේ. ප්රියං­කර කළු­ප­හන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x