Sunday, April 20, 2025
Home » මැතිවරණය කුමක් වුවත් මේ එන්නේ රට පරිවර්තනය කරන යුගයක්

මැතිවරණය කුමක් වුවත් මේ එන්නේ රට පරිවර්තනය කරන යුගයක්

ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක

by Gayan Abeykoon
July 2, 2024 2:00 am 0 comment

“අපේ ආච්චි සීයා ගහන කති­ර­යෙන් විනාශ වෙන්නේ අනා­ගත පර­ම්ප­රාවේ ජීවිත. ඒ නිසා හොඳ ජීවි­ත­යක් වෙනු­වෙන් මේ පරි­ව­ර්ත­නය අත්පත් කර ගන්න ඕනෙ. ඇත්ත­ටම පඬු­රක් ගැට­ග­හ­නවා වගේ තමයි මේ සැරේ ඡන්දය දෙන්න ඕනෙ” යැයි ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ කැකි­රාව මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති ජාතික ජන බල­වේ­ගයේ අනු­රා­ධ­පුර තරුණ රැලිය අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අම්මේ, තාත්තේ, ආච්චි, සීයේ ඔබේ ඇද­හිලි පව­තින්න ඕනෙ බව අපි විශ්වාස කර­නවා. නමුත් අර්බු­දය නිර්මා­ණය වුණේ අපේ රටේ දේශ­පා­ල­නය විසින්. ඒ නිසා ප්‍රශ්න­යට උත්තර හොයා ගැනී­මට දේශ­පා­ලන වෙන­සක් කරමු යැයි ආයා­චනා කර­නවා.

මෙතැන ඉන්න තරුණ පර­ම්ප­රා­වට වගේම ඔබේ වැඩි­හි­ටි­ය­න්ටත් ඡන්ද­යක් තියෙ­නවා. ඡන්ද පෙට්ටියේ තරුණ ඡන්ද වෙන­මයි, වැඩි­හිටි ඡන්ද වෙන­මයි ගණන් කරන්නේ නෑ. ඔබේ ඡන්ද­යත් ඡන්ද­යක්. ආච්චිගේ ඡන්ද­යත් ඡන්ද­යක්. අපේ වැඩි­හිටි පර­ම්ප­රාවේ සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් තාමත් අතී­ත­කා­මී­ත්වයේ හිර­වෙලා ඉන්නවා. ඒකෙන් ගැල­වෙන්න අදි­මදි කර­නවා. අනේ ප්‍රේම­දාස මහ­ත්තයා ඇවිත් අපේ ඉස්තෝ­ප්පුවේ මේ පුටු­වෙනේ වාඩි වුණේ. බණ්ඩා­ර­නා­යක මහ­ත්තයා මේ ඇඳි පුටුවේ වාඩි වෙලා මම හදලා දීපූ තේ එක­කුත් බිව්වානේ කියලා කිය­නවා. එහෙම නැත්නම් මහි­න්ද­සෝම මහ­ත්ත­යානේ අපේ කොල්ලට රස්සාව දුන්නේ. මේවා දේශ­පා­ලන බැඳීම් නෙමෙයි. ඒවා රට ගැන හිතන බැඳීම් නෙමෙයි. අපේ රටේ තියෙ­න­වානේ යුතු­කම් සහ මාන­ව­වාදී බැඳීම්. අන්න ඒ බැඳී­මක් මේ. අපේ වේදි­කා­වල නාඹර කැකුළු කැකු­ළියෝ හොඳට පේන්න ඉන්නවා. අනික් වේදි­කා­වල වැඩි­හි­ටි­යන්ගේ සංයු­තිය ටිකක් වැඩියි. ඒ අය ලෝකයේ තියෙන වෙන­ස්කම් ගැන, රට මුහුණ දී තියෙන අර්බු­දය ගැන, දරු­වන්ගේ අනා­ග­තය ගැන නෙමෙයි සාකච්ඡා කරන්නේ. අතී­තයේ බැඳී­මක් තියෙ­නවා. මොනවා වුණත් පුතේ තාත්තාගේ ඉඳන් කොළ පාටනේ, මොනවා වුණත් පුතේ පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට අපි නිල් පාටනේ, අපි හොඳ නිල් කණුනේ ඔහොම කිය­නවා. මේ ප්‍රශ්න දේශ­පා­ලන ප්‍රශ්න විදි­හට ඒ අය හිතන්නේ නෑ, කොල්ලගේ සෙන­සුරා හත­ර­වැනි කොටුවේ කියලා හිත­නවා. හැබැයි මේ රටේ තරුණ පර­ම්ප­රාව මුහුණ දීලා තියෙන බර­ප­තළ ප්‍රශ්න­යට එතැ­නින් උත්ත­ර­යක් එයිද කියලා සැක­යක් තියෙ­නවා. නැත්නම් මේ භාර වුණු භාර විල්ලට හරි­යන්න එපෑ. එහෙම හරි­යන්නේ නෑ. ඒවා අපේ සම්ප්‍ර­දා­යන්. විශ්වාස, ඇද­හිලි. ඒවා තමයි සමා­ජය ඒක­ම­ති­ක­භා­ව­යට ගේන්නේ. හැබැයි ඊට වඩා ආර්ථික අර්බු­ද­යක් තියෙ­නවා. ඊට වඩා රැකී­රක්ෂා උත්පා­ද­නය නොවන අර්බු­ද­යක් තියෙ­නවා. අපේ දරු­වන්ට හරි­හ­මන් ආදා­යම් මාර්ග­යක් නැති අර්බු­ද­යක් තියෙ­නවා. ඒ අර්බු­ද­යට තියෙන්නේ දේශ­පා­ලන උත්ත­ර­යක්. ඒ නිසා ඇත්ත­ටම පඬු­රක් ගැට­ග­හ­නවා වගේ තමයි මේ සැරේ ඡන්දය දෙන්න ඕනෙ. හරි­යට බලලා දෙන්න ඕනෙ. ඒ නිසා අපි වැඩි­හිටි පර­ම්ප­රා­වට ආරා­ධනා කර­නවා. ඒ නිසා ප්‍රශ්න­යට උත්තර හොයා ගන්න දේශ­පා­ලන වෙන­සක් කරමු. තරුණ පර­ම්ප­රාව තමන්ගේ වැඩි­හිටි පර­ම්ප­රාව එක්ක මේ සංවා­දය පටන් ගන්න ඕනෙ අද. අපේ ආච්චි සීයා ගහන කති­ර­යෙන් විනාශ වෙන්නේ අනා­ගත පර­ම්ප­රාවේ ජීවි­තය. ඒ නිසා හොඳ ජීවි­ත­යක් වෙනු­වෙන් මේ පරි­ව­ර්ත­නය අත්පත් කර ගන්න ඕනෙ.

අපේ රටේ දේශ­පා­ලන අධි­කා­රිය අපේ රටේ තරුණ පර­ම්ප­රා­වට තිබූ අනා­ග­තය නැති කරලා තියෙන්නේ. හැබැයි ඒ අයගේ දරු­වන්ට එ‌හෙම ප්‍රශ්න­යක් නෑ. අපේ ගමේ අම්මා තාත්තාගේ දරු­වන්ට ඒ ප්‍රශ්නය තියෙ­නවා. ඒ ප්‍රශ්නය විස­ඳන්න උත්ත­ර­යක් හෙව්වේ නෑ, උත්ත­ර­යක් හොය­න්නත් ඒ අයට ඕනෙ නෑ, ඒ අයට හැම­දාම ඕනෙ වුණේ ඡන්ද කාලය එන කොට පෝස්ටර් ගහන්න කොල්ලෝ කෙල්ලෝ. ඡන්ද කාලය එන කොට රස්සා­වක් දෙන්නම් කියලා කැන්ව­සින් යන්න කොල්ලෝ කෙල්ලෝ. ඒ අය කව­දා­වත් අධ්‍යා­ප­නය දියුණ කරන්න, ආර්ථි­කය ශක්ති­මත් කරන්න සැලැ­ස්මක් හැදුවේ නෑ.

කොන්ද තියෙන, හයිය තියෙන, දැනුම තියෙන තරු­ණ­යාට ඒ අය බයයි. ඒ නිසා කව­දා­වත් අලුත් තරු­ණ­යෙක් හදන්නේ නෑ, හයිය තියෙන තරු­ණ­යෙක් හදන්නේ නෑ, අපි යෝජනා කරන්නේ නව තරුණ පර­ම්ප­රා­වක්. අපි කරන්නේ මේ දූෂිත ප්‍රභූ පෙළැ­න්ති­යෙන් බලය අපේ අතට ගන්නවා. ඒ ගත් බලය අපේ දරු­වන්ගේ අතට, අපේ ඥාතීන්ගේ අතට දෙන්‌නේ නෑ. අපි මේ දූෂිත ප්‍රභූ පෙළැ­න්තිය අතේ තියෙන බැටන් එක අපේ අතට අර­ගෙන මේ අපි ඉදි­රි­පිට ඉන්න නූතන පර­ම්ප­රාව අතට දෙන්න ලෑස්තියි. අපේ බැටන් එක මාරු කරන්නේ මේ රටේ නව තරුණ පර­ම්ප­රාව අතට. මේ රටේ බලය මාරු කිරීමේ දිශා­න­ති­ය­කට ජාතික ජන බල­වේ­ගය අඩිය තිය­නවා. ඒකේ අව­ස්ථාව තමයි මේ මැති­ව­ර­ණය. ඒ වෙනු­වෙන් මේක ඉතාම තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යක්. හුදු කති­ර­යක් ගහන, හුදු ආණ්ඩු­වක් පලවා හරින, හුදු නාය­ක­යෙක් පත් කරන මැති­ව­ර­ණ­යක් නෙමෙයි මේ එන්නේ. මේ රට පරි­ව­ර්ත­නය කරන යුග­යක්. ඒ වෙනු­වෙන් අපි හැම­දෙ­නාම එකතු වෙමු.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT