Home » ශ්‍රීල­නි­ප­යට අද සංවි­ධාන ශක්ති­යක් නැහැ

ශ්‍රීල­නි­ප­යට අද සංවි­ධාන ශක්ති­යක් නැහැ

හිටපු මන්ත්‍රී තිලංග සුම­ති­පාල

by Gayan Abeykoon
July 2, 2024 2:14 am 0 comment

අමිල ප්රභාත් වන­සිංහ - අනු­රා­ධ­පුර අති­රේක

ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට මුහුණ දෙන්න වුණොත් ඒ සඳහා ශක්ති­මත් අපේ­ක්ෂ­ක­යෙක් හෝ සංවි­ධාන ශක්ති­යක් අද ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට නැතැයි හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී තිලංග සුම­ති­පාල මහතා සඳ­හන් කළේය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ පෙරේදා (30) අනු­රා­ධ­පු­ර­යේදී මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“කළ යුත්තේ සිය­ලුම දෙනා එකට එක්ව සංවි­ධා­නය වී මැද මාවතේ යන කෙන­කුට සහ­යෝ­ගය දැක්වීම හෝ නිසි ලෙස සංවි­ධා­නය වී ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කිරී­මයි. නමුත් අද තන­තුරු අපේ­ක්ෂා­වෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය කෑලි කෑලි­ව­ලට කැඩී අව­සන්. සාමා­ජි­ක­යන් වේග­යෙන් පක්ෂය හැර යමින් සිටි­නවා.

එදා බණ්ඩා­ර­නා­යක ශ්‍රීම­තා­ණන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ආරම්භ කරන්නේ එක්සත් ජාතික පක්ෂය අලියා ලකු­ණෙන් තියෙන කාලෙ­මයි. සම සමාජ කොමි­යු­නිස්ට් පක්ෂ තියෙ­ද්දි­මයි. ඒ මැද මාවතේ යන නිර්මල අද­හ­සක් ඇතු­වයි එදා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය බිහි­වුණේ. ඒ මැද මාවත මේ රටේ ජන­තාව වේග­යෙන් වැලඳ ගත්තා. නමුත් අද ඒ නිර්මල පක්ෂය අන්ත දක්ෂි­ණාං­ශික අලියා ලකු­ණෙන් එජා­ප­යට හේත්තු වුණොත් එය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මූලික සිද්ධා­න්ත­යට විරු­ද්ධයි. අද වන විට මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ඉල්ලා අස්වී­මත් සමඟ විජ­ය­දාස රාජ­පක්ෂ මහතා එතැ­නට කඩා පැනීම නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දෙකට තුනට කැඩී මුළු­ම­නින්ම විනාශ වුණා.

ඒක විශාල අප­රා­ධ­යක්. විජ­ය­දාස රාජ­පක්ෂ අවු­රුදු 15ක් විතර ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට විරු­ද්ධව කට­යුතු කර තන­තුරු ලෝභය නිසා මේකට කඩා පැන්නා. ඔහු කවු­රුත් පිළි­ගන්නේ නෑ, ඔහු ප්‍රති­ක්ෂේප කරල තියෙන්නෙ. ශ්‍රී ලංකා­කා­රයෝ කිසි කෙනකු ඔහුට වැඩ කරන්නේ නෑ, ඒක විහි­ළු­වක් වෙලා. නිමල් සිරි­පාල ද සිල්වා සහ ඇමැ­ති­කම් ගත් පිරිස එකතු වෙලා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය රැක­ගැ­නීම වෙනු­වට තමන්ගේ තන­තුරු, වර­දාන, වර­ප්‍ර­සාද රැක ගැනී­මට කට­යුතු කර­නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT