Home » ඡන්ද­ය­කින් ජනතා තීන්දුව ලැබෙන තෙක් ආණ්ඩු­වට වැටෙන්න දෙන්නේ නෑ

ඡන්ද­ය­කින් ජනතා තීන්දුව ලැබෙන තෙක් ආණ්ඩු­වට වැටෙන්න දෙන්නේ නෑ

ශ්‍රී ලංකා පොදු­ ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, මන්ත්‍රී නීතිඥ නාමල් රාජ­පක්ෂ

by Gayan Abeykoon
July 2, 2024 2:37 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ඉදි­රි­යේදී කුමන හෝ මැති­ව­ර­ණ­යක් පවත්වා ජනතා තීන්දුව ප්‍රකා­ශ­යට පත්ක­රන තෙක් වත්මන් ආණ්ඩු­වට වැටෙන්න ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදු­ ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, හම්බ­න්තොට දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කරයි.

ඒ මහතා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා (29) අග­ල­ව­ත්තේදී පැවැති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ කළු­තර දිස්ත්‍රික් අග­ල­වත්ත ආසන සමු­ළුව අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අපි දේශ­පා­ලන පක්ෂ­යක් විදි­යට විශාල ජය­ග්‍ර­හණ ලබා තිබෙ­නවා. අපි හැම අව­ස්ථා­ව­කම මේ රටට ගැළ­පෙන සහ රට ගැන හිතා දේශ­පා­ලන තීන්දු තීරණ ගත් දේශ­පා­ලන බල­වේ­ග­යක්. අපි අභි­යෝ­ග­ව­ලට මුහු­ණදී තිබෙ­නවා. 2005දී මහින්ද රාජ­පක්ෂ මහතා මේ රටේ ජනා­ධි­ප­ති­ව­රයා බවට පත්වන විට එතෙක් පැමිණි හැම දේශ­පා­ලන පක්ෂ­යක්ම බල­යට ආවේ සාමය ගේන්නයි, සාමය ඇති කර­න්නයි, යුද්ධය අව­සන් කර­න්නයි කියලා. නමුත් එය කර­ගන්න බැරි වුණා. සම­හර දේශ­පා­ලන පක්ෂ යුද්ධය වවා­ගෙන කෑවා. මොකද ඒ අයගේ පැවැත්ම තිබුණේ යුද්ධය තිබෙන තාක්කල් කියන එකයි විශ්වාස කළේ. නමුත් මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා ඒ අභි­යෝ­ග­යට මුහුණ දුන්නා. අපි ජය­ග්‍ර­හ­ණය කළා. මේ රට දකුණු ආසි­යාවේ දුප්පත්ම රට බවට පත්වෙලා තිබුණා. මායිම් ගම්මා­න­වල ජීවත්වූ ජන­තා­වක් සිටියා. නමුත් එදා මහින්ද රාජ­පක්ෂ යුගයේ ග්‍රාමීය ආර්ථි­කය නංවා­ලන්න ගම හදන සට­නට නාය­ක­ත්වය දුන්නා. ගමේ පාර හැදුවා. ඇළ වේලි හැදුණා. කෘෂි­ක­ර්මා­න්තය දියුණු වුණා.

ගම්මාන දුප්පත් ගම් ලෙස හඳු­න්වාදී තිබුණේ. වතු­පිටි තිබූ කිහිප දෙනෙක් හිටියා. නමුත් විදු­ලිය නොමැති, යටි­තල පහ­සු­කම් නොමැති ගම්මාන තමයි තිබුණේ. මේ තත්ත්වය ක්‍රම­යෙන් වෙනස් කරන්න අපේ ආණ්ඩු­වට හැකි­යාව ලැබුණා. අපව පරා­ජය කරන්න කට­යුතු කළා. අපව පරා­ජය කළේ අපව බෙදලා. අපේ පක්ෂය එදා දෙකට කැඩුවා. බට­හිර වශ­යෙන් හෝ ජාත්‍ය­න්තර වශ­යෙන් හෝ කුම­න්ත්‍රණ ක්‍රියා­ත්මක වුණා කියන එක පිළි­බ­ඳව අමු­තු­වෙන් මතක් කළ යුතු නෑ. ඒ බෙදුවේ ඔබ අපි නියෝ­ජ­නය කළ දේශ­පා­ලන කඳ­වු­රයි. ඒ තමයි මේ රටට ආද­රය කරන දේශ­පා­ලන කඳ­වුර. වාමාං­ශික දේශ­පා­ලන කඳ­වුර. මේ රටේ ආගම දහම නිර­න්ත­ර­යෙන් රකින්න කට­යුතු කළ දේශ­පා­ලන කඳ­වුර. ඒ බෙදී­මත් සමඟ අපේ රටේ දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් වෙන්න පටන් ගත්තා. නවී­ක­ර­ණය වෙනු­වට බට­හි­ර­ක­ර­ණය වෙන්න පටන් ගත්තා. ඒ තුළ අපට ආර්ථික වර්ධ­න­යක් ඇති වුණෙත් නෑ. සමාජ වශ­යෙන් පිරි­හුණා. අනෙක් පැත්තෙන් පාස්කු ඉරිදා ප්‍රහා­රය එල්ල වුණා. ත්‍රස්ත බියක් නොමැ­තිව තිබූ රටේ තමන්ගේ දරුවා වෙනු­වෙන් පාසල රකින්න අම්මට තාත්තට යන්න සිදු වුණා.

2019දී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා භාර ගත්තේ මහින්ද රාජ­පක්ෂ මහතා භාර දුන් රට නොවෙයි. වැටුණු රටක් භාර ගන්න වුණේ. ඒ භාර ගත් රටට අපි නොසිතූ විදි­යට කොවිඩ් වසං­ග­තය ආවා. ඒ අභි­යෝ­ග­ය­ටත් අපි මුහුණ දුන්නා. ජීවිත බේරා ගත්තා. යහ­පා­ලන ආණ්ඩු­වෙන් සාම්පූර් බලා­ගා­ර­යත්, උමා ඔයත් වෙලා­වට අව­සන් කර තිබුණා නම් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ආණ්ඩු­වට විදු­ලි­බල ප්‍රශ්න­ය­කට මුහුණ දෙන්න සිදු වන්නේ නෑ. විදුලි උත්පා­ද­න­යක් කළේ නෑ. නමුත් අව­සා­නයේ ඒක කඩා වැටුණේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ඇඟ උඩට. හැබැයි අර­ගල කළා. දේශ­පා­ල­නික වශ­යෙන් කෙත­රම් වෙනස් ප්‍රති­පත්ති තිබු­ණත් රාජය ආරක්ෂා කිරීම සඳහා තීන්දුව ගත්තා. ඒ වගේම තමයි අපි ඒ ආණ්ඩුව වැටෙන්න දුන්නේ නෑ. මැති­ව­ර­ණ­යක් පවත්වා තීන්දු­වක් ගන්න තෙක් වැටෙන්න දෙන්නේ නෑ.

ඒක ජනා­ධි­ප­ති­ව­ර­ණය හෝ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය හෝ ගනු ලබන දේශ­පා­ලන තීන්දු­වක් මත තීර­ණය කරන්න පුළු­වන්. ඉදි­රියේ අපි හදන ආණ්ඩු­වක් තුළ මෙ රටේ ග්‍රාමීය ආර්ථි­කය තුළ ගොවියා, ධීව­රයා, කම්ක­රුවා ආරක්ෂා කරන්න ඕනෙ. රාජ්‍ය සේව­ක­යාට නිසි ගෞර­වය දිය යුතුයි. ගෞර­වා­න්විත සේවා­වක් බවට පත්කළ යුතුයි. ඒකට තාක්ෂ­ණය බද්ධ කොට රාජ්‍ය සේව­කයා වගේම ජන­තා­වට සේවා ගැනීම පහසු කළ යුතුයි. ඒ තුළ පම­ණයි මේ රටේ රාජ්‍ය යන්ත්‍ර­ණය සක්‍රිය කළ හැක්කේ. රාජ්‍ය යන්ත්‍ර­ණය සක්‍රිය කළ හැකි එකම ක්‍රමය තමයි රාජ්‍ය යන්ත්‍ර­ණය සමඟ තාක්ෂ­ණය බද්ධ කිරීම. ඒ තුළ පම­ණයි අපි අපේක්ෂා කරන සංව­ර්ධ­න­යක් ළඟා කර ගත හැක්කේ. අපේ වැඩි­හි­ටි­යන් අපේක්ෂා කරන්නේ තමන්ගේ දරු­වන්ට හොඳ ජීවි­ත­යක්. ඔවුන්ගේ අධ්‍යා­ප­න­යට, පුහු­ණු­වට, හැකි­යා­වට සරි­ලන රැකි­යා­වක්. තරු­ණ­යන් අපේක්ෂා කරන්නේ තමන්ගේ දහ­දිය, මහ­න්සි­යට සරි­ලන ආදා­ය­මක්. ඒ දහ­දිය මහ­න්සි­යට සරි­ලන ආදා­ය­මක් උත්පා­ද­නය කරන ආර්ථි­ක­යක් රටේ හැදෙ­නවා. එය හදන්න අවශ්‍ය වැඩ­පි­ළි­වෙළ අපි ළඟ තිබෙ­නවා.

එය පාර­ම්ප­රික, ගතා­නු­ග­තික ක්‍රම­ව­ලට පම­ණක් සීමා වෙලා කරන්න බෑ. අපි නවී­ක­ර­ණය වෙන්න ඕනෙ. අපි නූතන ලෝකය සමඟ බද්ධ විය යුතුයි. නවී­ක­ර­ණය යනු බට­හි­ර­ක­ර­ණය නොවෙයි. මේ රටේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන ගමන් විදේශ ආයෝ­ජන හරහා ඒවා දියුණු කළ යුතුයි. ඒ තුළ නව ආයෝ­ජ­ක­යන් ආක­ර්ෂ­ණය කොට රැකියා උත්පා­ද­නය කළ හැකි වැඩ­පි­ළි­වෙ­ළක් අපි සතුව තිබෙ­නවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කියන්නේ හැම­දාම මේ රටේ ජන­තාව සහ රට ගැන සිතා තීන්දු තීරණ ගන්න පක්ෂ­යක්. අපට හොරා කිවුවා. රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා පාර්ලි­මේ­න්තු­වට පැමිණ කිවුවා, රාජ­ප­ක්ෂ­ව­රුන් අයුතු ලෙස මුදල් උපයා ගත් කිසිදු ගිණු­මක් ලෝකයේ කිසිදු රටක තිබෙ­නවා කියා සනාථ කර­ගන්න කිසිදු සාක්ෂි­යක් හෝ පරී­ක්ෂ­ණ­ව­ලින් හෝ ඔප්පුවී නෑ කියලා. මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­ප­ති­ව­රයා වුණා. අපට විවිධ මඩ ගැසුවා. අපේ ආණ්ඩුව වට්ටන්න එක් සටන් පාඨ­යක් වුණේ රතු­ප­ස්වල සිද්ධිය. ඒකට සම්බන්ධ රණ­වි­රු­වන් හිරේ දැම්මා. ඒ අය අධි­ක­ර­ණය ඉදි­රියේ නිදොස් කොට නිද­හස් වුණා.

හැම­දෙ­යක්ම දේශ­පා­ල­නික වශ­යෙන් තමන්ට වාසි අත්කර ගන්න සම­හර දේශ­පා­ලන පක්ෂ මේ රටේ රාජ්‍ය යන්ත්‍ර­ණය වගේම තරුණ පර­ම්ප­රාව මෙහෙ­ය­වන්න උත්සාහ කර­නවා. අපි අර­ග­ල­යෙන් දැක්කේ ඒ දෙයයි. ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රී­ව­රුන් දේශ­පා­ල­නික වශ­යෙන් යළි ඉදි­රි­යට නොයයි කියා ඔවුන් සිතුවා. නමුත් අපේ මන්ත්‍රී­ව­රුන් දේශ­පා­ල­නික වශ­යෙන් තවත් ශක්ති­මත් වෙලා ඒක­රාශි වුණා. මේක තමයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සමඟ තිබෙන ශක්තිය. ඇතැම් විට බොහෝ අය තව­මත් දෙගි­ඩි­යා­වෙන් ඉන්නවා ඇති. අපි වැරැදි හදා­ගෙන නව ගම­නක් යමු. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ජය­ග්‍ර­හ­ණය කිරී­මට කට­යුතු කරමු.”

කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න මහතා 

“පාසල් යන කාලයේ මේ ආස­න්නයේ පැවැති තුරුණු ශක්ති සංගීත ප්‍රසං­ග­යට නිවේ­ද­ක­යෙක් හැටි­යට එදා මම තර­ග­යට ආවා. එදා මම අග­ල­ව­ත්තට පැමිණ කියූ දෙයින් කොට­සක් මට මත­කයි. මේ අග­ල­වත්තේ ඉන්නේ උපන් බිමට ණය නැති සම්භා­ව­නීය මිනිස්සු පිරි­සක්. දැඩි රළු කළු ගලක සියුම් කැට­ය­මක් නිර්මා­ණය කර­නවා වගේ තමන්ගේ ජීවි­තය ගොඩ­න­ඟ­මින් අපට රබර් කිරි වගේම නෙළන තේ දල්ලෙන් ජාතික ආර්ථි­ක­යට ශක්තිය දෙන ආද­ර­ණීය අග­ල­වත්තේ සිට මම අද කතා කර­නවා. දෛවයේ සර­ද­ම­කට වගේ මම මේ අග­ල­වත්ත නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු වශ­යෙන් අද කතා කර­නවා. මේ අහිං­සක මිනිස්සු වෙනු­වෙන් කළ හැකි බොහෝ දේ මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා විසින් ඉටු­කර තිබෙ­නවා. හොර­වල හංදි­යෙන් මීග­හ­තැ­න්නට යන්න පාරක් තිබුණේ නෑ. ඇල­ව­ත්තෙන් නෙළු­වට යන්න තිබුණේ කන්දක් විත­රයි. මේ පාර­වල් තිබුණේ නෑ.

මිහිදු විද්‍යා­ලයේ සිට හොර­පි­ටි­යට යන­කල් මෙරිල් කාරි­ය­ව­සම් පාස­ලට යන­කල් මේ පාසල් ටික හැදුවේ මහින්ද රාජ­පක්ෂ මහතා. මේ හැම මිනි­ස­කු­ටම සතු­ටින් සැන­සි­ල්ලෙන් ජීවත් වෙන්න පුළු­වන් රටක් හැදුවේ මහින්ද රාජ­පක්ෂ. රබ­ර්ව­ලට ආර්ථි­ක­යක් හැදුවේ මහින්ද රාජ­පක්ෂ. තේව­ලට මිලක් හැදුවේ මහින්ද රාජ­පක්ෂ. අපට අපේ කියලා රටක් නිර්මා­ණය කර දුන්නේ ආද­ර­ණීය මහින්ද ජනා­ධි­ප­ති­ව­රයා. ඒක තමයි ඇත්ත. ඊළඟ ඕනෑම ඡන්ද­ය­කට පක්ෂය වෙනු­වෙන් මහින්ද රාජ­පක්ෂ සහ බැසිල් රාජ­පක්ෂ මහ­ත්ව­රුන් වෙනු­වෙන් මේ ජන­තාව වෙනු­වෙන් මේ අග­ල­වත්ත සංජීව එදි­රි­මාන්න දින­ව­නවා. ඒ වෙනු­වෙන් අපි යන ගම­නට අලුත් හය­යක් අද දෙනවා. මේ අග­ල­වත්තේ විසල්ම ජන හමු­වක් අද මේ තිබෙන්නේ.”

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මහ­ලේ­කම් නීතිඥ සාගර කාරි­ය­ව­සම්, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ජානක තිස්ස­කු­ට්ටි­ආ­රච්චි මහ­ත්ව­රුන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT