Home » ඩෙල්ෆ්ට් මුහුදේ දී ඉන්දීය ධිවරයින් 25 ක් අත්අඩංගුවට

ඩෙල්ෆ්ට් මුහුදේ දී ඉන්දීය ධිවරයින් 25 ක් අත්අඩංගුවට

by yasara
July 2, 2024 10:10 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 4 ක් ඊයේ (01) අත් අඩංගුවට ගෙන තිබේ.

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර,එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කර තිබිණි.

එහිදී ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඉන්දීය ධීවරයින් විසිපස් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ නාවික හමුදාව ඉදිරි නීතිමය කටයුතු සඳහා  ඔවුන්ව මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාර දී තිබේ.

මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා තිස් දෙකක් සහ ඉන්දීය ධීවරයින් දෙසිය තිස්නව දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x