පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් මහතා අභාවප්රාප්ත වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු ආසනය සඳහා දෙමළ ජාතික සන්ධානයේ කදිරවේල් සන්මුගම් කුගදාසන් මහතා පත්වීමට නියමිතය. ඒ මහතා පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය යටතේ ත්රිකුණාමලය දිස්ත්රික්කයට තරග කළ අතර එහිදී මනාප 16,770ක් හිමි කර ගෙන ඇත.
පසුගිය මහ මැතිවරණය සඳහා ත්රිකුණාමලය දිස්ත්රික්කයෙන් දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කළ කදිරවේල් සන්මුගම් කුගදාසන් ත්රිකුණාමල දිස්ත්රික්කයේ පරාජිත ලැයිස්තුවේ පළමුවැනියා වේ.
ඒ අනුව කදිරවේල් සන්මුගම් කුගදාසන් මහතා ඉදිරි සතියේ ත්රිකුණාමලය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.