Home » මෝදි සොව පළ කරයි
සම්ප­න්දන්ගේ අභා­ව­ය

මෝදි සොව පළ කරයි

by Gayan Abeykoon
July 2, 2024 1:15 am 0 comment

දෙමළ ජාතික සන්ධා­නයේ හිටපු නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී ආර්. සම්බ­න්ධන් මහ­තාගේ අභා­වය සම්බ­න්ධ­යෙන් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා ශෝකය පළ­කර තිබේ.

සම්බ­න්දන් මහ­තාගේ අභා­වය සම්බ­න්ධ­යෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිත මිතු­රන්ට බල­වත් ශෝකය පළ­ක­රන බවට ඉන්දීය අග­මැ­ති­ව­රයා සිය එක්ස් ගිණුමේ සට­හ­නක් තබා තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය පව­සයි.

ඔහු සමඟ හමු­වීම් පිළි­බඳ මත­ක­යන් අගය කරන බව පවසා තිබෙන ඉන්දීය අග­මැ­ති­ව­රයා ශ්‍රී ලංකාවේ දෙමළ ජාති­ක­යන්ට සාමය, ආර­ක්ෂාව, සමා­නා­ත්ම­තා­වය, යුක්තිය සහ ගෞර­ව­යෙන් යුතු ජීවි­ත­යක් ලබා­දීම සඳහා නිර­න්ත­ර­යෙන් කට­යුතු කළ බව ද පෙන්වා දී තිබේ.

ආර්.සම්බ­න්දන් මහ­තාගේ අභා­වය, ශ්‍රී ලංකාවේ සහ ඉන්දි­යාවේ සිටින ඔහුගේ මිතු­රන්ට මෙන්ම අනු­ගා­මි­ක­යන්ට දැඩිව දැනෙනු ඇති බව ද හෙතෙම පවසා ඇත.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x