Home » යුද අභි­යෝ­ගය ජය ගත් සරත් ෆොන්සේ­කාට රට වෙනු­වෙන් විශිෂ්ට සේවා­වක් ඉටු කළ හැකියි

යුද අභි­යෝ­ගය ජය ගත් සරත් ෆොන්සේ­කාට රට වෙනු­වෙන් විශිෂ්ට සේවා­වක් ඉටු කළ හැකියි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලියූ ග්‍රන්ථය එළි­දැ­ක්වීමේ උත්ස­ව­යේදී ජන­පති පව­සයි

by Gayan Abeykoon
July 2, 2024 9:05 am 0 comment
ජන­ප­තිට ග්‍රන්ථය පිළි­ග­න්ව­මින්

තිස් වස­රක යුද්ධය නිමා කිරී­මට විශිෂ්ට නාය­ක­ත්ව­යක් සැපයූ හිටපු යුද හමු­දා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමු­දා­පති ජාති­යට දුන් පොරො­න්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමු­දා­ප­තිට ඉතිරි නොක­රමි” ග්‍රන්ථය එළි­දැ­ක්වීම ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (28) පස්ව­රුවේ කොළඹ නෙළුම් පොකුණ රඟ­හ­ලේදී පැවැ­ත්විණි.

ග්‍රන්ථයේ පළමු පිට­පත මෙහිදී පාර්ලි­මේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත පිළි­ගැ­න්වීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙනු­වෙන් සමරු තිළි­ණ­යක් ද පිළි­ගැ­න්විණි.

හිටපු යුද හමු­දා­ප­ති­ව­ර­යකු ලෙස සරත් ෆොන්සේකා මහ­තාගේ සේවාව මෙහිදී අගය කළ ජනා­ධි­ප­ති­ව­රයා යුද අභි­යෝ­ගය ජය­ග්‍ර­හ­ණය කළ සහ දේශ­පා­ල­නයේ අභි­යෝග රැස­කට මුහු­ණ­දුන් සරත් ෆොන්සේකා මහ­තාට ඉදි­රි­යට ද රට වෙනු­වෙන් විශිෂ්ට සේවා­වක් සිදු කිරී­මට හැකි­යාව තිබෙන බව සඳ­හන් කළේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේ ද පැව­සීය.

“මෙරට යුද හමු­දාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තන­තුර දරන්නේ සරත් ෆොන්සේකා මහ­තායි. එතුමා යුද අභි­යෝ­ගය ජය­ග්‍ර­හ­ණය කළා පම­ණක් නොවෙයි, යුද පිටි­යෙන් පිටත දේශ­පා­ල­නය තුළත් අභි­යෝ­ග­ව­ලට මුහුණ දුන් කෙනෙක්. මම එතු­මාව හඳු­නා­ගත්තේ පසු­ගිය යුද කාලයේ ජෙන­රල් සිසිල් වෛද්‍ය­රත්න මහතා මාර්ග­යෙන්. ජෙන­රල් සිසිල් වෛද්‍ය­රත්න මහ­තාව මම සමී­පව ඇසුරු කළා. ඔහු මට කිව්වා මේ නිල­ධා­රි­යාට හොඳ අනා­ග­ත­යක් තිබෙ­නවා, ඒකට අව­ස්ථාව සලසා දෙන්න කියලා. යුද්ධය ආරම්භ වූ කාල­යේ­දිත් ඊට පෙර කාල­යේ­දිත් ආණ්ඩුවේ සිටි මට යුද්ධ­යට සහ­භාගි වූ හැම නිල­ධා­රි­යකු පිළි­බ­ඳ­වම අව­බෝ­ධ­යක් තිබුණා. එම කාලයේ විශිෂ්ට නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු බිහි වූ අතර එම සිය­ලු­දෙනා අත­රින් සරත් ෆොන්සේකා මහ­තාට විශේෂ ස්ථාන­යක් හිමි වෙනවා.

පැමිණ සිටි ආරාධිතයන්ගෙන් කොටසක්

පැමිණ සිටි ආරාධිතයන්ගෙන් කොටසක්

විශේ­ෂ­යෙන්ම යාප­නය ජය සිකුරු මෙහෙ­යුම අසා­ර්ථක වූ අව­ස්ථාවේ හමු­දාව අත්පත් කර­ගත් සියලු දේ අහිමි වුණා. එම අව­ස්ථාවේ මම අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ අතර යාප­නය භාර දෙන්නේ කාටද කියා අපට තීර­ණ­යක් ගැනී­මට සිදු වුණා. ඒ වන විට බොහෝ දෙනකු මිය ගොස් හා තුවාල ලබා සිටීම හේතු­වෙන් පිරිස් අඩු වී තිබුණා. ඇතැම් අය කිව්වා යාප­න­යට ඩිවි­ෂන් එකක් අව­ශ්‍යයි කියලා. එම අව­ස්ථාවේ මම හමු­දා­ප­ති­ව­ර­යාට පැව­සුවා සරත් ෆොන්සේ­කාට යාප­නය භාර දෙමු කියලා. ඒ අනුව තමයි යම් ස්ථාව­ර­භා­ව­යක් ඇති කර­ග­න්නා­තුරු ඔහු එම කට­යුතු කර­ගෙන ගියේ.

ඔහු වැටුණු තැනින් පට­න්ගෙන යුද්ධය ජය­ග්‍ර­හ­ණය කරා ගෙන ගියා. එහිදී අසීරු තීරණ ගැනී­මට ඔහුට සිදු වුණා. යුද්ධ­යක් කියන්නේ ක්‍රිකට් තර­ග­යක් නොවෙයි. මිනිස් ජීවිත අහිමි වෙනවා. දේපළ විනාශ වෙනවා. එහිදී යුද හමු­දාව මෙහෙ­ය­ව­මින් ඉදි­රි­යට යෑමට එතු­මාට ශක්තිය තිබුණා.

අප මුහුණ දුන්නේ ලෝකයේ තිබූ අසී­රුම යුද්ධ­ය­ක­ටයි. අනෙක් රට­වල තව­මත් එම යුද්ධ පැවැ­ත්වෙ­නවා. ඇෆ්ග­නි­ස්තා­නය යුද්ධය ආරම්භ කළේ අප­ටත් කලින්. සරත් ෆොන්සේකා මහතා තමන්ගේ වග­කීම නිසි ලෙස ඉටු කළා.

ඒ වගේම සිවිල් ජීවි­තයේ අභි­යෝග රැස­කට ද එතු­මාට මුහුණ දීමට සිදු වුණා. එහිදී ඔහු තනි වූ අව­ස්ථාවේ සහ බන්ධ­නා­ගා­ර­ග­තවූ අව­ස්ථාවේ එතුමා තවත් ශක්ති­මත් චරි­ත­යක් වුණා. ඉන්ප­සුව යහ­පා­ලන රජය යටතේ මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­තුමා සමඟ සාකච්ඡා කර එතු­මාට ෆීල්ඩ් මාර්ෂල් තන­තුර පිරි­නැ­මී­මට අප තීර­ණය කළා. එතුමා සුදු­ස්සකු ලෙස එය භාර­ගනු ලැබුවා.

සරත් ෆොන්සේකා මහ­තාගේ අත්දැ­කීම් සහ හැකි­යා­ව­න්ගෙන් ප්‍රයෝ­ජන ගැනී­මට අපට ආණ්ඩු­වක් ලෙස අව­ස්ථාව ලැබුණා. එතුමා සට­න්කාමී චරි­ත­යක්. යුද පිටියේ වුවත් දේශ­පා­ල­නයේ වුවත් එතුමා සටන අත­හ­රින්නේ නැහැ. එතු­මාට තව­දු­ර­ටත් මේ රටට සේවය කිරී­මට හැකි­යාව තිබෙ­නවා. එතු­මාගේ සේවය අපට ලබා­ගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනා­ග­ත­යේදී එතු­මා­ගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනී­මට අව­ස්ථාව ලැබෙයි කියා මා බලා­පො­රොත්තු වෙනවා.”

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

“යුද්ධය ජය ගැනී­මට හැකි වූයේ අපේ විරෝ­ධාර රණ­වි­රු­වන් සිදු කළ විශිෂ්ට කැප­වීම නිසයි. එහිදී රණ­වි­රු­වන් විශාල පිරි­සක් රට වෙනු­වෙන් ජීවිත පූජා කළා. තවත් විශාල පිරි­සක් ආබා­ධිත වුණා. මේ අව­ස්ථා­වේදී සියලු රණ­විරු පවු­ල්ව­ලට මාගේ ගෞර­වය හිමි­වෙ­නවා. ඔවුන් ජීවිත කැප­කි­රීම් සිදු කළේ අපේ දරු­වන්ගේ අනා­ග­තය වෙනු­වෙන්. ඒ වගේම රටට සාමය ඇති කිරීම වෙනු­වෙන්.

යුද්ධය අව­සන් කිරී­මට නම් දේශ­පා­ලන විස­ඳු­ම­කට යා යුතු බව එදා බොහෝ දෙනකු පැව­සුවා. එදා මම යුද හමු­දා­පති ධුරය භාර ගන්නා විට ආර­ක්ෂක සාමා­ජි­ක­යන් සිටියේ කල­කි­රී­ම­කින් යුතු­වයි. නමුත් අප තිස් වස­රක යුද්ධය ජය ගත්තා. අපේ රණ­වි­රු­වන්ගේ ලේ, දහ­ඩිය සහ අප­රි­මිත කැප­වීම නැති වූවා නම් මේ යුද්ධය ජය­ගත නොහැකි වෙන්න තිබුණා. යුද්ධ­යෙන් පසුව රණ­වි­රු­වන්ට මෙන්ම මේ රටේ ජන­තාව සිදු කළ කැප කිරී­මට හිටපු පාල­ක­යන් නිසි වටි­නා­ක­මක් ලබා දුන්නා ද යන්න පිළි­බඳ මට සැක­යක් පව­ති­නවා.”

මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ සෙසු ආග­මික නාය­ක­යන් ද කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන, අමාත්‍ය නිමල් සිරි­පාල ද සිල්වා, පාර්ලි­මේන්තු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන, හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය යන මහ­ත්ව­රුන් ඇතුළු මැති ඇමැ­ති­වරු පිරි­සක් ද ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහතා ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන් ද තානා­ප­ති­ව­රුන්, හිටපු යුද හමුදා ප්‍රධා­නීන්, අනෝමා ෆොන්සේකා මහ­ත්මිය ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් ඇතුළු ආරා­ධිත පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x