Home » කොමි­යු­නිස්ට් පක්ෂයේ 81 වැනි සංව­ත්ස­රය හෙට

කොමි­යු­නිස්ට් පක්ෂයේ 81 වැනි සංව­ත්ස­රය හෙට

by Gayan Abeykoon
July 2, 2024 1:15 am 0 comment

ශ්‍රී ලංකාවේ කොමි­යු­නිස්ට් පක්ෂයේ 81 වැනි සංව­ත්ස­රය මේ මස 03 වැනි දින පස්වරු 3.00ට කොළඹ මහ­ජන පුස්ත­කාල රැස්වීම් ශාලා­වේදී පැවැ­ත්වී­මට නිය­මි­තය. කොමි­යු­නිස්ට් පක්ෂයේ සභා­පති හිටපු ඇමැ­ති­ව­ර­යකු වන ඩිව් ගුණ­සේ­කර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙම සංව­ත්සර උත්ස­වය පැවැ­ත්වෙයි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේ­ෂඥ වෛද්‍ය ජී. වීර­සිංහ, පාර්ලි­මේන්තු මන්ත්‍රී වීර­සු­මන වීර­සිංහ, උතුරු නැඟෙ­න­හිර ද්‍රවිඩ දේශ­පා­ලන පක්ෂ නාය­ක­යන් මෙන්ම වතු­ක­රයේ දේශ­පා­ලන පක්ෂ නාය­ක­යන් මේ අව­ස්ථා­වට සහ­භා­ගි­වී­මට නිය­මිත බව කොළඹ මහ නගර සභාවේ හිටපු නාග­රික මන්ත්‍රී එල්. ආර්. ස්ටීවන් මහතා ‘දින­මිණ’ට පැව­සීය.

මැද­කො­ළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x