Home » ශ්‍රී ලංකා­වට ජාත්‍ය­න්තර ප්‍රජා­වගේ විශ්වා­සය ලැබීම අනා­ග­ත­යට සුබ ආරං­චි­යක්

ශ්‍රී ලංකා­වට ජාත්‍ය­න්තර ප්‍රජා­වගේ විශ්වා­සය ලැබීම අනා­ග­ත­යට සුබ ආරං­චි­යක්

by Gayan Abeykoon
July 2, 2024 9:08 am 0 comment

ද්වි පාර්ශ්වීය ණය හිමි­යන් සමඟ ශ්‍රී ලංකාව කලක් තිස්සේ බලා සිටි ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­පි­ළි­වෙ­ළට ප්‍රංශයේ පැරිස් නුව­රදී පසු­ගි­යදා පැවැති 2024 පැරිස් සංවා­ද­යේදී ශ්‍රී ලංකාව සහ නිල ණය හිමි කමි­ටුව සාර්ථ­කව එක­ඟ­තාව හිමි කර ගෙන තිබේ. 

 මෙලෙස ඇති කර ගත් එක­ඟ­තාව ශ්‍රී ලංකා­වට කුම­නා­කා­රයේ වාසි අවාසි අත්කර දෙන්නේ දැයි අප අධ්‍යා­ප­න­ඥ­ය­න්ගෙන්, ප්‍රකට බැංකු­ක­රු­ව­න්ගෙන්, වාණිජ මණ්ඩල සහ ආන­යන අප­න­යන සම්බන්ධ තොග වෙළෙ­ඳාමේ නිර­ත­වූ­ව­න්ගෙන් කරුණු විමසා බැලු­වෙමු. එහිදී ඔවුන් අප සමඟ දැක්වූ අද­හස් මෙසේය.     

 

බැංකු­ක­රුවෝ ලැබූ විශා­ල­තම අස්වැ­සි­ල්ලක් වර­ලත් ගණ­කා­ධි­කාරී සුජීව රාජ­පක්ෂ

සභා­පති – මහ­ජන බැංකුව 

 

ශ්‍රී ලංකාවේ බැංකු­ක­රුවෝ ලෙස අප ජාත්‍ය­න්තර බැංකු හා මූල්‍ය ආය­තන සමඟ ගනු­දෙනු කිරී­මේදී මෑත ඉති­හා­ස­යේදී ඔවුන් අපට විවිධ සීමා පැන­වීම් සිදු කොට තිබුණා. විවිධ කොන්දේ­සි­ව­ලට අව­නත වන ආකා­ර­යට ක්‍රියා කර­මින් තමයි ඔවුන් සමඟ අපට ගනු­දෙනු කිරී­මට සිදු­වුණේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ අප රටක් ලෙස විස්තීර්ණ ණය පහ­සු­ක­මක් ලබා ගැනී­මෙන් පසු වසර 2023 මාර්තු සිට නැවත අපේ රටට යම් ජාත්‍ය­න්තර පිළි­ගැ­නී­මක් ලැබුණා. එය තවත් වට­ය­කින් ශක්ති­මත්ව තහ­වුරු කිරී­මක් මෑත­කදී සිදු­වුණා. ඒ තමයි ද්විපා­ර්ශ්වික ණය හිමි­යන් සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරී­මට එක­ඟ­තා­වය පළ­වීම. මේ දේ ඉටු­ක­ර­ගන්න අපි රටක් ලෙස බොහෝ කාල­යක් බලා සිටියා. අපි බලා­පො­රොත්තු වූ දේ ඉටු­වීම සතු­ටක්. මේ ද්විපා­ර්ශ්වික ණය ආපසු ගෙවී­මට අපට යම් යම් සහන හිමි­ක­ර­දීම වැද­ගත්. මෙහිදී ද්විපා­ර්ශ්වික ණය හිමි­යන් හා ශ්‍රී ලංකා රජය යම් පිළි­ගත් එක­ඟ­තා­ව­ය­කට පැමි­ණීම පැති කිහි­ප­ය­කින් වටි­නවා.

අපට බැංකු­ක­රුවෝ ලෙස ජාත්‍ය­න්තර බැංකු හා මූල්‍ය ආය­තන සමඟ ගනු­දෙනු කිරී­මේදී මතුවී තිබූ යම් යම් සීමා ඉව­ත්වීම බැංකු­ක­රුවෝ ලැබූ විශා­ල­තම අස්වැ­සි­ල්ලයි. අපි බැංකු­වක් ලෙස ලෝකය පුරා විසිරී ඇති විවිධ බැංකු 900 අධික සංඛ්‍යා­වක් සමඟ ගනු­දෙනු කර­නවා.

අප කාල­යක් ජාත්‍ය­න්තර ණය­වර ලිපි­යක් නිකුත් කිරී­මට පවා නොහැකි තත්ත්ව­ය­කයි සිටියේ. අපි ණය­වර ලිපි විවෘත කර ගන්න බැරිව සිටියා. නමුත් අද වන විට ඒ අවා­ස­නා­වන්ත තත්ත්ව­යෙන් සම්පූ­ර්ණ­යෙන්ම අප මිදී තිබෙ­නවා.

මට මේ අව­ස්ථාවේ අපේ බැංකුව මහ­ජන බැංකුව පාර්ශ්ව­යෙන් සතු­ටින් කියන්න පුළු­වන් කථා­වක් තිබෙ­නවා. ඒ තමයි අපි වසර 2023 මැද භාගය වන විට අප සමඟ විවෘත කර තිබූ සෑම විදේශ ණය­වර ලිපි­ය­ක­ටම අදාළ සියලු ගෙවීම් සිදු­කර අව­සන් කර තිබීම.

මහ­ජන බැංකුව සමඟ පෞද්ග­ලික හා රාජ්‍ය හිමි­කා­රි­ත්වය සහිත සමා­ග­ම්ව­ලට ණය­වර ලිපි හා ඇප­කර නිකුත් කර­මින් රටේ ආන­යන – අප­න­යන කට­යුතු සඳහා විශාල දාය­ක­ත්ව­යක් අප ලබා­දෙ­නවා.

ඒ කට­යු­තු­ව­ල­ටත් දැන­ටත් වඩා වැඩි කාර්ය­ක්ෂ­ම­තා­ව­ය­කින් පුළුල් ලෙස ඉටු කිරී­මට මේ විදේ­ශීය ද්විපා­ර්ශ්වික ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරීම ඉව­හල් වෙනවා.

 

නව කර්මාන්ත බිහි කිරීමට IMF විශාල ශක්තියක්  ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ

ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ඉංජි­නේරු පීඨය – රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය 

 

ශ්‍රී ලංකාව ලබා ගන්නා දෙස් විදෙස් ණය නිසි කලට වේලා­වට වාරික හා පොලී මුදල් ගෙවන කීර්ති­මත් ඉති­හා­ස­යක් තිබූ රටක්. නමුත් 2022 පසු අපිට ණය ආපසු ගෙවී­මට නොහැකි බවට නිල වශ­යෙන් ප්‍රකාශ කරන්න සිදු වුණා.

මේවාගේ තත්ත්ව­යක් තුළ ජාත්‍ය­න්තර ණය දෙන ආය­ත­න­ව­ලින් අපට ණය පහ­සු­ක­මක් ලබා­ගන්න අමාරු වුණා. ඔවුන් අපිව එත­ර­ම්දු­රට පිළි­ගැ­නී­මක් කළේ නැහැ. ඒවාගේ තත්ත්ව­යක් යටතේ අපට IMF ණය පහ­සු­කම ලැබීම හොඳ දෙයක්.

අපට මේ සම­ඟින් වාසි ගණ­නා­වක් ලැබෙ­නවා. අපිට රජ­යක් ලෙසත් රජ­යෙන් බැහැ­රව පෞද්ග­ලික අංශය ලෙසත් විදෙස් ණය ලබා ගැනී­මට මේ සමඟ යම් පිළි­ගැ­නී­මක් ලැබෙ­නවා.

අපේ රටේ නව නිෂ්පා­දන, නවෝ­ත්පා­දන, නව සොයා ගැනීම්, පර්යේ­ෂණ කරන විද්‍යා­ඥ­යින්, නවෝ­ත්පා­ද­ක­යින්, ව්‍යව­සා­ය­ක­යින් බොහෝ පිරි­සක් ඉන්නවා. ඔවුන් තමන්ගේ අර­මු­ද­ල්ව­ලින් නව සොයා­ගැ­නීම්, පර්යේ­ෂණ කර­නවා. ඒ හරහා පේටන්ඩ් බල­පත්‍ර ලබා ගන්නවා. විවිධ නිෂ්පා­දන සිදු කිරී­මට හැකි සොයා ගැනීම් පර්යේ­ෂණ මට්ට­මින් එළි­ද­ක්ව­නවා. මේවා වාණිජ වශ­යෙන්, නව නිෂ්පා­දන ලෙස වෙළෙ­ඳ­පො­ළට යොමු කිරී­මට අවශ්‍ය කර්මා­න්ත­ක­ර­ණ­යක්, නිෂ්පා­දන ආය­ත­න­යක් බිහි කරන්න අර­මු­දල් නෑ. ඔවුන් ඒ නිසා තමන්ගේ නව නිපැ­යුම් ගෙදර තබා­ගෙන දුක් විඳි­නවා.

මේ අයට අපට දැන් හිමිවී තිබෙන ජාත්‍ය­න්තර පිළි­ගැ­නීම සමඟ ඉදි­රි­යේදී ලෝකයේ වාණිජ ණය ලබා­දෙන ආය­ත­න­ව­ලින් ණයක් ගන්න පුළු­ව­න්කම ලැබෙ­නවා. රජ­ය­ටත් ණය ගන්න පුළු­වන්. අවශ්‍ය නම් පෞද්ග­ලික අංශ­ය­ටත් ණය පහ­සු­කම් ලබා­ගන්න පුළු­ව­න්කම තිබෙ­නවා. මේ අව­ස්ථාවේ අපේ රටට අව­ශ්‍යම දේ මෙය විදේශ විනි­මය.

විදේශ විනි­මය ලංකා­වට වැඩි වශ­යෙන් සොයා ගැනී­මට සමත් විශේෂ අංශ­යක් තමයි අපේ රටේ තිබෙන භෞතික සම්පත් ජාලය. ඉල්ම­න­යිඩ්, පෙට්ට්‍රෝ­ලි­යම් අතුරු නිෂ්පා­දන වාගේ දේවල්. මේවා වැඩි වශ­යෙන් රටේ ආර්ථි­ක­යට ප්‍රයෝ­ජ­න­යට ගත හැකි ආකා­ර­යට යොදා ගැනී­මට නම් අපිට අර­මු­දල් අව­ශ්‍යයි. මේ අර­මු­දල් ලබා­ගැ­නී­මට දැන් අපිට IMF ණය පහ­සු­කම ලැබීම තුළ අවස්ථා උදා­වෙ­නවා.

ඉදිරි දශ­කය බල­ශ­ක්තිය මත යැපෙන ආර්ථි­ක­යක් ගෙඩ­නැ­ඟෙන්නේ. අප­ටත් පරි­සර හිත­කාමී නව බල­ශක්ති ප්‍රභ­ව­යන් වෙත යොමුවී අපේ විය­දම් අඩු­කර ගන්නට සිදු වෙනවා. මෙලෙස අඩු විය­දම් පරි­සර හිත­කාමී බල­ශක්ති වෙත සේන්දු වීමට, ඒ ආශ්‍රිත නව කර්මාන්ත බිහි කිරී­මට IMF ණය පහ­සු­කම් හරහා විශාල ශක්ති­යක් අපට ලැබී තිබෙ­නවා.

 

ආර්ථික අර්බුදයෙන්  ගොඩ එන්න  IMF ශක්තියක් වුණා

ධම්මික ප්‍රනාන්දු 

සභා­පති – අප­න­යන සැක­සුම් කලාප නිෂ්පා­ද­ක­යින්ගේ සංග­මය 

 

අප රටේ ප්‍රධාන වශ­යෙන් අප­න­යන සැක­සුම් කලා­ප­වල දේශීය හා විදේ­ශීය ආයෝ­ජ­ක­යින්ගේ ආයෝ­ජන මත කර්මාන්ත හා ව්‍යව­සාය ක්‍රියා­ත්මක වෙනවා. මේවා­යින් රටට අති­වි­ශාල ආර්ථික ප්‍රති­ලාභ හිමි­වෙ­නවා.

විදේශ වෙළෙ­ඳාම හා ඍජු­වම බැඳුණු අප­න­යන කට­යු­තු­වල අප කර්මා­න්ත­ක­රු­වන් නිර­තවී සිටි­නවා. ශ්‍රී ලංකා­වට අවශ්‍ය විදේශ විනි­මය ගෙන­ඒම අපගේ පළමු, දෙවැනි, තෙවැනි ඉල­ක්ක­යයි. අපි කට­යුතු කරන්නේ මේ ඉල­ක්කය ජය ගන්නයි.

අපේ රට මීට වසර තුන­කට පෙර දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මුහුණ දුන්නා. ඒ තමයි අප රටක් ලෙස ලබා­ගත් දෙස් විදෙස් ණය ආපසු ගෙවී­මට නොහැකි වීම.

මේ අර්බු­ද­යෙන් රට ආර්ථික වශ­යෙන් ආගා­ධ­ය­කට වැටුණා. මේ ආගා­ධ­යෙන් ගොඩ ඒමට අපට විස­ඳුම් අවශ්‍ය වුණා. අපට ඒ අව­ස්ථාවේ පිරි­සක් IMF යමු කිව්වා. තව පිරි­සක් යන්න එපා කිව්වා. නමුත්, කෙටි කාලී­නව අපට රටේ ජන­තා­වට විඳින්න වූ සමාජ, ආර්ථික දුෂ්ක­රතා දිනෙන් දින වැඩි වුණා. අපට අත්‍ය­වශ්‍ය ආන­යන සිදු කර ගැනී­මට අවශ්‍ය විදේශ විනි­මය නැති වුණා. මේ අව­ස්ථාවේ රට බංකො­ලොත් වුණා කියා නිවේ­ද­නය කළා. එවන් පසු­බි­මක තමයි වත්මන් ආණ්ඩුව IMF ණය පහ­සු­ක­මක් ලබා ගැනී­මට සාකච්ඡා ආරම්භ කළේ.

වසර 2023 මාර්තු මාසයේ එම ණය පහ­සු­කම ශ්‍රී ලංකා­වට හිමි වුණා. මාස 48කින් එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 2.9 විස්තීර්ණ ණය පහ­සු­ක­මක්. මේ ණය පහ­සු­කම ලැබීම එක අත­කින් අපට සතු­ටට කරු­ණක්. යම් ආකා­ර­යක ජය­ග්‍ර­හ­ණ­යක්. මේ හරහා තාව­කා­ලි­කව ශ්‍රී ලංකා­වට ආර්ථික අර්බු­ද­යෙන් ගොඩ­ඒ­මට අත­දී­මක් සිදු­වුණා. මේ ණය පහ­සු­කම නිසි­යා­කා­රව රටට ලැබෙන්න නම්, රජයේ දෙස් විදෙස් ණය බර ආපසු ගෙවී­මට හැකි වාතා­ව­ර­ණ­යක් රටේ ඇති කරන්න ඕන. ඒ අනු­වයි පළ­මුව දේශීය ණය ප්‍රශ­ස්ති­ක­ර­ණය කළේ. දෙව­නුව ද්විපා­ර්ශ්වික හා බහු­පා­ර්ශ්වික විදේශ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණ­ය­කට මුල­පි­රුවේ. අද වන විට ඒ කට­යුතු සිදු කිරී­මට එක­ඟ­තා­වට අත්සන් තබා තිබෙ­නවා. නමුත්, එක­ඟතා මොන­වා­දැයි අපි හරි­යා­කා­රව දන්නේ නැහැ. ඒවා අද පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තයි.

මෙහිදී ද්විපා­ර්ශ්වික ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය වැද­ගත්. ඊටත් වඩා වැද­ගත් අංශ­යක් තමයි ජාත්‍ය­න්තර ස්වෛරීත්ව බැඳු­ම්කර ණය හිමි­යන් සමඟ ඉදි­රි­යේදී ඇති කර­ගන්නා එක­ඟ­තා­වන් මොන­වාගේ වේද යන්න.

අපට දෙස් – විදෙස් ගෙවී­මට සිදු වී ඇති ණය තොගය ඩොලර් බිලි­යන 100ක් තරම් විශා­ලයි. ඒ මුදල ආපසු ගෙවී­මට අපට ලැබෙන සහන මොන­වා­දැයි තවම නිශ්චි­තව කියන්න අමා­රුයි. මේවාගේ පසු­බි­මක් මත අපි තව­දු­ර­ටත් ණය ලබා ගනි­මින්, ණය ආපසු ගෙව­මින් සිටි­නවා. අපිට ගෙවා අව­සන් කිරී­මට වන ණය තොගය වැඩි වෙන්න වෙන්න එහි පීඩ­නය එන්නේ අප­ට­මයි. අපි එම පීඩ­නය අවම කර ගන්න නම්, ණය ගෙවී­මට හැකි, අප­ටම කියා ශක්ති­මත් ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­ගත යුතුයි. අපේ අප­න­යන ආදා­යම් වැඩි කර­ගත යුතුයි. ආණ්ඩු­වට ආදා­යම් වැඩි­ක­ර­ගන්න වාගේම ආණ්ඩුවේ විය­දම් උප­රිම ඵල­දා­යි­තා­ව­යෙන්, කාර්ය­ක්ෂ­මව භාවිත කරන්න කට­යුතු කළ යුතුයි.

 

උද්ධමනය පාලනයට IMF ශක්තියක් වුණා

ජී. ඉල­ම­නා­දන්  

සභා­පති – අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය ආන­ය­න­ක­රු­වන්ගේ සහ වෙළෙ­ඳුන්ගේ සංග­මය

අපි මීට අවු­රුදු දෙක­කට, දෙක හමා­ර­කට පෙර රටක් ලෙස හොඳ­ටෝම දුක් වින්දා. අපිට අත්‍ය­වශ්‍ය භාණ්ඩ, විදු­ලිය, ආහාර ද්‍රව්‍ය නැතිව දුක් වින්දා. එසේ අපට දුක් විඳි­න්නට සිද්ධ වුණේ අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය පිට­ර­ටින් ගෙන්වී­මට අවශ්‍ය ඩොලර් නොමැ­ති­ක­මයි.

අපි ඩොලර් නැතිව දුක් වින්දා වාගේම ඩොලර් එකට ගෙවන්න වූ ශ්‍රී ලංකා රුපි­යල් ප්‍රමා­ණය ඉහ­ළ­යෑ­මෙන් පීඩා­වින්දා. එක්සත් ජන­පද ඩොලර් එකට ගෙවන්න වූ ශ්‍රී ලංකා රුපි­යල් ගණන රුපි­යල් 350 – 400 කිට්ටු­වට ගියා. මේ වාගේ තත්ත්ව­යක් තුළ ආන­ය­නය කළ භාණ්ඩ­වල මිල විශාල ලෙස ඉහළ ගියා. රටේ උද්ධ­ම­නය සිය­යට 70 දක්වා වැඩි වුණා. මේවාගේ අමාරු කාල­යක් ගෙවූ අපිට ඉන් මිදී­මට ලොකු ශක්ති­යක් වුණේ IMF ණය පහ­සු­කම ලැබී­මයි.

මේ පහ­සු­කම ලබා ගන්නත් අපි වාද විවාද කළා. විවේ­චන කළා. බාධා කළා. මේවාගේ බාධා කිරීම් නොකර අප රටක් ලෙස ඉදි­රි­යට යන්න මේ මොහොතේ සියලු දෙනා එකට එක්විය යුතු බවයි කියන්න තියෙන්නේ.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x