Home » ආණ්ඩුව අත්සන් කළ විදෙස් ණය ආපසු ගෙවීමේ ගිවි­සුම් කාට­වත් වෙනස් කරන්න බෑ

ආණ්ඩුව අත්සන් කළ විදෙස් ණය ආපසු ගෙවීමේ ගිවි­සුම් කාට­වත් වෙනස් කරන්න බෑ

ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන

by Gayan Abeykoon
July 2, 2024 8:42 am 0 comment
හිඳ­ගල - නාරං­විට - ගම්පොළ මාර්ගයේ ඉදි­කි­රීම් කට­යුතු ද ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තා අතින් ඇරඹුණු අයුරු

ආණ්ඩුව අත්සන් කළ විදෙස් ණය ආපසු ගෙවීමේ ගිවි­සුම් සජිත්ට හෝ වෙනත් කවර බල­ව­ත­කුට වුව වෙනස් කළ නොහැකි යැයි ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය. ගම්පොළ ප්‍රදේ­ශයේ ඉතා­මත් දුෂ්කර හා අබ­ලන් මාර්ග කීප­යක සංව­ර්ධන කට­යුතු ආරම්භ කිරීම සහ කාපට් අතුරා සංව­ර්ධ­නය කෙරුණු මාර්ග ව්‍යාපෘති ජනතා අයි­ති­යට පත් කිරීමේ වැඩ­ස­ට­හන් මාලා­ව­කට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කීවේය.

අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ රාජ්‍ය ඇමැති, නීතිඥ අනු­රාධ ජය­රත්න මහ­තාගේ ඉල්ලීම පරිදි, මාර්ග කි.මී. 1500ක් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ කාපට් අතුරා සංව­ර්ධ­නය කරන ලද ගම්පොළ පුපු­රැස්ස, හුණු­ගල ප්‍රධාන මාර්ගය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා අතින් මෙහිදී ජනතා අයි­ති­යට පත් කෙරිණි.

හිඳ­ගල – නාරං­විට – ගම්පොළ මාර්ගයේ ඉදි­කි­රීම් කට­යුතු ද ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ කෙරිණි.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේද කීවේය.

Òඉති­හා­සයේ ඉතා­මත් අප­හසු කාල පරි­ච්ඡේ­ද­යක් අප පසු කර­මින් සිටි­නවා. ජන­තා­වගේ ඉල්ලීම් මත නිද­හ­සින් පසු අපේ රටේ විවිධ රජ­යන් විශාල සුබ­සා­ධ­න­වාදී ආර්ථි­ක­යක් පව­ත්වා­ගෙන යෑම සඳහා අය වැය ලේඛ­නයේ විශාල හිඟ­යක් පවත්වා ගනු ලැබුවා. මේ හිඟය පියවා ගැනී­මට සෑම රජ­යක්ම දේශීය හා විදේ­ශීය වශ­යෙන් විශාල ලෙස ණය ලබා­ගෙන තිබෙ­නවා. එමෙන්ම රටට අවශ්‍ය බොහෝ දේ අප විසින්ම නිෂ්පා­ද­නය කර අප­න­ය­නය කර­නවා වෙනු­වට විදේ­ශීය රට­ව­ලින් විශාල වශ­යෙන් භාණ්ඩ ආන­ය­නය කර තිබෙ­නවා. ආයාත විය­දම් පියවා ගැනී­මට ප්‍රමා­ණ­වත් නිර්යාත ආදා­ය­මක් නොමැ­ති­වීම හේතු­වෙන් සෑම දින­කම විදේශ රට­ව­ලට ණය වී තිබෙ­නවා. එම ණය ගෙවීම සඳහා තවත් ණය ලබා­ගෙන තිබෙ­නවා. එයද ප්‍රමා­ණ­වත් නොවන විට දිගින් දිග­ටම මුදල් මුද්‍ර­ණය කර ජනතා ඉල්ලීම් ඉටු කර තිබෙ­නවා. වර්ජ­ක­යන්, උද්ඝෝ­ෂ­ක­යන් විවිධ ස්ථාන­වල උද්ඝෝ­ෂ­ණය කර­මින් ඉල්ලීම් ඉදි­රි­පත් කරන විට රජ­යන් පරි­පූ­රක ඇස්ත­මේන්තු ඉදි­රි­පත් කර­මින් වැඩි වැඩි­යෙන් මුදල් මුද්‍ර­ණය කර තිබෙ­නවා. ඒ තුළින් ස්වල්ප භාණ්ඩ ප්‍රමා­ණ­යක් පසු­පස විශාල මුදල් ප්‍රමා­ණ­යක් හඹා යෑම හේතු­වෙන් උසු­ලා­ගත නොහැකි තර­මට දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙ­නවා. එවිට නැවත නැව­තත් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදි­රි­පත් කර­නවා. එවිට නැව­තත් මුදල් මුද්‍ර­ණය කර වැටුප් වැඩි කර­නවා. මේ තත්ත්වය තුළ මුහුණ දුන් පාස්කු දින ප්‍රහා­ර­යෙන් අන­තු­රුව ඇතිවූ කොවිඩ් වසං­ග­තය හේතු­වෙන් ඉතා කුඩා ආර්ථි­ක­යක් ඇති ශ්‍රී ලංකාවේ ආර්ථි­කය මුළු­ම­නින්ම වසා දැමුණා. ගත් විදේ­ශීය ණය වාරික ගෙවී­මට නොහැකි වුණා. දිගින් දිග­ටම මෙලෙස කට­යුතු කිරී­මෙන් විශාල ණය බරක් එකතු වී ඒ සඳහා විස­ඳුම් සොයා නොග­ත­හොත් රට සම්පූ­ර්ණ­යෙන්ම කඩා වැටෙන බව ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා නිහ­ඬව තේරුම් ගෙන තිබුණා. ඊට රටේ විස­ඳු­මක් ලබා දිය හැකි කිසිම දේශ­පා­ලන නාය­ක­යෙක්, ආර්ථික විශේ­ෂ­ඥ­යෙක් හෝ වෙනත් විද්ව­තෙකු සොයා ගැනී­මට හැකි­යා­වක් ලැබුණේ නෑ. එම තත්ත්ව­යට විස­ඳුම් ඉදි­රි­පත් කළ හැකි ජාත්‍ය­න්තර මට්ටමේ විශේ­ෂ­ඥ­යකු සොයා ගැනී­මට කරන ලද අභි­ලාෂ කැඳ­වී­මෙන් අන­තු­රුව කැබි­නට් අනු­කා­රක සභා­වක් මඟින් ප්‍රංශයේ ලසාඩ් සමා­ගම තෝරා ගනු ලැබුවා. නීති­මය කට­යු­තු­ව­ලදී පෙනී සිටීම සඳහා ක්ලිෆර්ඩ් හාන්ස් සමා­ග­මට වග­කීම පැව­රුවා.

ඒ අව­ස්ථා­වේදී රජ­යේම සිටිය ඇතැම් මැති ඇමැ­ති­ව­රුන්ගේ විරෝ­ධය හේතු­වෙන් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සහාය ලබා ගැනී­මට නොහැකි වුණා. එහි අව­සන් ප්‍රති­ඵ­ලය වූයේ රට මූල්‍ය වශ­යෙන් ඉතා­මත් පහළ අඩි­ය­කට කඩා වැටී­මයි. ජන­තාව දහස් ගණ­න­කට දින ගණ­නා­වක් පෝලි­ම්වල රැඳී සිටී­මට වුණා. ඇතැ­මුන් මිය­ගියා. විවිධ ගැටුම් ඇති­වුණා. ජනතා විමුක්ති පෙර­මුණ ඇතුළු අන්ත­වා­දීන් මේ ජන­තාව තව­දු­ර­ටත් උසි­ග­න්ව­මින් ප්‍රච­ණ්ඩ­ත්ව­යට පෙල­ඹුවා. ඒ අව­ස්ථා­වේදී අත්දැ­කීම් සහිත සිය­ලුම නාය­ක­යන් රට භාර ගැනීම ප්‍රති­ක්ෂේප කරන මොහො­තක පස් වතා­වක් රටේ අග­මැති ධුරය දැරී­මෙන් අත්දැ­කීම් සහිත රනිල් වික්‍ර­ම­සිංහ මහතා අභි­යෝ­ගය භාර ගත්තා. 2027 දක්වා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ගිවි­සු­ම­කට එළ­ඹුණා. රටට හුස්ම ගැනීමේ හැකි­යාව ලැබුණේ ඒ තුළි­නුයි. මේ වන විට භාණ්ඩ මිල වැඩි­වීමේ වේගය 5% වඩා අඩු වී තිබෙ­නවා. ජාත්‍ය­න්තර වත්කම් ප්‍රමා­ණය 5.5ක්‌ දක්වා වර්ධ­නය වී තිබෙ­නවා.

මේ ගිවි­සුම හෝ එම ගිවි­සුමේ ඉලක්ක වෙනස් කළ­හොත් අපේ රටට අනා­ග­ත­යක් නැහැ. ලෝකයේ අව­සන් ණය දෙන්නා වශ­යෙන් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ මැදි­හ­ත්වී­මෙන් විදේ­ශීය ණය හිමි­යන් සමඟ මේ ණය ලෝක­යට ගෙවීම සඳහා සහ­න­යක් දෙන ලෙස සාකච්ඡා කළා. එය සිදු කිරී­මට තාක්ෂ­ණික සහ විශේ­ෂ­ඥ­යන්ගේ සහාය පම­ණක් ප්‍රමා­ණ­වත් නොවන බැවින් චීනය, ඉන්දි­යාව, ජපා­නය, ප්‍රංශ ආධාර කණ්ඩා­යම ඇතුළු සියලු පාර්ශ්ව­යන් සමඟ ජනා­ධි­පති පෞද්ග­ලි­ක­වම ණය සඳහා සහ­න­යක් ලබා ගැනී­මට සාකච්ඡා වට කීප­යක් පැවැ­ත්වුවා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස පසු­ගිය සතිය වන විට ලෝක රාජ්‍ය නාය­ක­යන් ශ්‍රී ලංකා­වට ණය ගෙවී­මට සහ­න­යක් ලබා දීමෙන් නැවත රටක් ලෙස එස­වී­මට සහාය ලබා දීමට සූදා­නම් බවට සහ­ති­ක­යක් දී තිබෙ­නවා. දැන් අපට බලා­පො­රො­ත්තු­වක් තිබෙ­නවා.

ජන­තා­වට ඉර හඳ ලබා දීමට ඇතැම් දේශ­පා­ලන නාය­ක­යන් ඉතා­මත් සාවද්‍ය ප්‍රකාශ කර­නවා. මහ­ජන බදු මුද­ලින් ලංකාවේ රජ­ය­කට කළ හැක්කේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, ලබා­ගත් ණය සඳහා පොලී ගෙවීම සහ සහ­නා­ධාර ගෙවීම පම­ණයි. පුන­රා­ව­ර්තන විය­දම පියවා ගත හැකි ආකා­රයේ රජ­යක් පසු­ගිය වසර 40 පුරා­වට ශ්‍රී ලංකාවේ ඇතිවී නැහැ.

රටක් හෝ ආය­ත­න­යක් සමඟ රටක් වශ­යෙන් ගිවි­සු­මක් අත්සන් කිරී­මෙන් අන­තු­රුව කවර රජ­යක් යටතේ වුවත් එම ගිවි­සුම් ක්‍රියා­ත්මක කළ යුතුයි. එම නිසා මේ ගිවි­සුම් සිය­ල්ලක්ම අද සහ හෙට (ජූලි 02-03) පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර සමස්ත ලාංකීය ජන­තාව විදේ­ශ­ය­න්ගෙන් ගත් ණය සැල­සුම් කළ ආකා­ර­ය­ටම ගෙවන බවට ජාත්‍ය­න්ත­රය ඉදි­රියේ ප්‍රති­ඥා­වක් ලබා දීමෙන් අන­තු­රුව අපේ රටට ලෝකය සමඟ නැවත ගනු­දෙනු කිරීමේ හැකි­යාව හිමි­වෙ­නවා.

රාජ්‍ය සංව­ර්ධන සහ නිර්මාණ නීති­ගත සංස්ථාවේ සභා­පති කුෂාන් දේවින්ද, මාර්ග සංව­ර්ධන අධි­කා­රිය මධ්‍යම පළාත් අධ්‍යක්ෂ මහේ­න්ද්‍රන් විජේ­පාල මහ­ත්ව­රුන්, නිල­ධා­රීන්, හිටපු පළාත් පාලන ආය­තන නියෝ­ජි­ත­යන්, රාජ්‍ය නිල­ධා­රීන්, ප්‍රදේ­ශ­වා­සීන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x