Friday, July 5, 2024
Home » පෙම්ව­ති­යට සුබ­ පැ­තු­මක් ගන්න පින් කැටය කැඩූ දරුවා පොලි­සිය බාරේ රෝහ­ලට

පෙම්ව­ති­යට සුබ­ පැ­තු­මක් ගන්න පින් කැටය කැඩූ දරුවා පොලි­සිය බාරේ රෝහ­ලට

by Gayan Abeykoon
July 2, 2024 4:23 am 0 comment

සිය පෙම්ව­ති­යට උප­න්දින සුබ­පැ­තුම් පතක් මිලදී ගැනීම සඳහා යැයි කිය­මින් බෞද්ධා­ලෝක මාවතේ විහා­ර­ස්ථා­න­යක පින් කැට­යක් කඩා රුපි­යල් 130ක මුද­ලක් සොර­කම් කළැයි කියන 14 හැවි­රිදි බාල­ව­ය­ස්කා­ර­යකු කුරු­ඳු­වත්ත පොලි­සිය භාරයේ කොළඹ ජාතික රෝහලේ රඳවා තැබී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01) නියෝග කළේය.

මෙම දරුවා සරුං­ග­ල­යක් යැවීම සඳහා ගොස් සිටි­යදී උඩු­ම­හ­ල­කින් වැටී අත කැඩී ඇති බැවින් සහ දරුවා එකි­නෙක ප්‍රති­වි­රුද්ධ කාරණා පව­සන  බැවින් අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යාට ඉදි­රි­පත් කළ බව කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය. එහිදී දරු­වාගේ මාන­සික මට්ටම දැන ගැනීම සඳහා පරී­ක්ෂණ කිහි­ප­යක් කළ යුතුව ඇති බව ද අධි­ක­රණ වෛද්‍ය­ව­රයා සඳ­හන් කර ඇතැයි කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු සඳ­හන් කළේය. තම විහා­ර­ස්ථා­නයේ පින් කැටය කඩ­මින් සිටිය දී මෙම දැරුවා පොලි­සි­යට රැගෙන විත් පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබුවේ බෞද්ධා­ලෝක මාවතේ විහා­ර­ස්ථා­න­යක හිමි­න­මක් බව කරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.

මෙම දරුවා සඳ­හන් කළ ආකා­ර­යට පෙම්ව­තිය යැයි කියන අය රැඳී සිටින බොරැල්ල ප්‍රදේ­ශයේ නිව­සට ගොස් පරීක්ෂා කර බැලී­මේදී එම නිවසේ සිටි කිසි­වකු එම දරුවා නොහ­දු­නන බව පොලි­සිය අධි­ක­ර­ණ­යට සඳ­හන් කළේය. දරු­වාගේ දෙමා­පි­යන් කවු­රු­න්දැයි විම­සී­මේදී ලබා­දුන් ලිපි­න­යට ඔහු සමඟ ගොස් පරීක්ෂා කර කිසිදු අයකු ඔහු නොහ­දු­නන බව ද පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය දරුවා පොලි­සිය භාරයේ ප්‍රති­කාර සඳහා රඳවා තබන ලෙසට නියම කර­මින් නඩුව කල් තැබු­වේය.

නිමන්ති රණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x