Friday, July 5, 2024
Home » කත­ර­ගම ඇසළ උලෙළ ඇරැ­ඹී­මත් සමඟ කපුවෝ ගැටෙති

කත­ර­ගම ඇසළ උලෙළ ඇරැ­ඹී­මත් සමඟ කපුවෝ ගැටෙති

කපු­වෙක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
July 2, 2024 4:49 am 0 comment

කත­ර­ගම ඇසළ මංග­ල්‍යය ආර­ම්භ­වී­මත් සමඟ කත­ර­ගම දේවා­ලයේ  පාර­ම්ප­රික කපු පරම්පරා දෙකක් අතර පව­තින ගැටු­මක් උත්සන්න වීමෙන් නැවත අර්බු­ද­යක් නිර්මා­ණය වී තිබේ.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස කපු මහ­තුන් දෙදෙ­නෙක් අතර ගැටු­මක් පෙරේදා (30) සවස හට­ගෙන ඇතැයි පොලි­සිය කියයි. එහිදී කපු මහ­ත­කුට පහ­රදී තුවාල සිදු කිරී­මක් සම්බ­න්ධ­යෙන් තවත් කපු මහ­තකු කත­ර­ගම පොලි­සියේ නිල­ධා­රීන් ඊයේ (01) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මෙසේ පහ­රදී ඇත්තේ දේවා­ල­යට පැමිණි රත්නා­යක කපු පර­පු­රට අයත් කපු මහ­ත­කුට මෙම මාසයේ දේවා­ලයේ භාර­කා­රි­ත්වය දරන කපු මහ­තකි.  ගයන් ආරා­පක්ෂ කපු මහතා පහ­ර­දුන් බව පවසා උපුල්  රත්නා­යක  කපු මහතා කත­ර­ගම රෝහ­ලට ඇතුළු වී  ප්‍රති­කාර ගත් බව පොලි­සිය කියයි.

තමන්ට කළ පහ­ර­දීම ගැන උපුල් රත්නා­යක මහතා  කත­ර­ගම  පොලි­සියේ පැමි­ණි­ල්ලක්ද දමා තිබේ. ඒ අනුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පහ­ර­දී­මට සම්බන්ධ කපු මහතා බව පොලි­සිය කියයි. මේ වන විට රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ  තේවා කට­යුතු සිදු කරන කපු පර­ම්පරා 03 කි. රත්නා­යක පර­පුර,  ආරා­පක්ෂ  පර­පුර,  මුණ­සිංහ පර­පුර එම කපු පර­පුරු තුනය. අතී­තයේ අදි­කා­රම් පර­පුර  දේවා­ලයේ  සේවය කර තිබේ. මෙම කපු­ම­හ­තුන්  අතර පව­තින  ගැටුම දේවා­ලයේ  ආර­ක්ෂා­වට ද තර්ජ­න­යක්  බවට පත්වෙ­මින්  පවතී. කත­ර­ගම  පොලි­සිය  මේ සම්බ­න්ධ­යෙන්  පරි­ක්ෂණ  ආරම්භ  කර ඇති බව පොලි­සිය සඳ­හන් කළේය. අත්අ­ඩං­ගු­වට ගත් කපු මහතා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x