Home » අත්අ­ඩං­ගු­වට ගන්න සිටින ASP සංජීව මැලේ­සියාවෙන් පැනලා
උද්දික ප්‍රේම­ර­ත්නගේ රියට වෙඩි තැබීම:

අත්අ­ඩං­ගු­වට ගන්න සිටින ASP සංජීව මැලේ­සියාවෙන් පැනලා

by Gayan Abeykoon
July 2, 2024 1:20 am 0 comment

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේම­රත්න මහ­තාගේ මෝටර් රථ­යට වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සූදා­නම් වන විට මල­යා­සි­යාව බලා පලා­ගිය සහ­කාර පොලිස් අධි­කාරී සංජීව මහ­නාම මහතා මේ වන විට එහි සිට වෙනත් රට­කට ගොස් ඇතැයි ලද තොර­තු­රක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පුළුල් සොයා බැලී­මක නිර­තව සිටී.

අඹු දරු­වන් සමඟ මල­යා­සි­යාව බලා පලා­ගිය ඔහු එරට සති­ය­කට වැඩි කාල­යක් ගත­කර නොමැති බවට විවිධ තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී තිබේ. ඒ ගැන සොයා බැලී­මක නිර­තව සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­ය­කු­ගෙන් කළ විම­සු­මක දී සඳ­හන් කළේය.

සංජීව මහ­නාම මහතා ඉන්න ස්ථාන­යක් හඳුනා ගැනී­මට ජාත්‍ය­න්තර පොලි­සිය මෙන්ම වෙනත් විකල්ප ක්‍රම ඔස්සේ පිය­වර ගනි­මින් සිටින බව ද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මෙම වෙඩි­තැ­බී­මට සහ­කාර පොලිස් අධි­කාරී සංජීව මහ­නාම සම්බන්ධ බව හෙළි­ක­රනු ලබ­න්නේත් ඔහු රටින් පලා­ගොස් ඇති බව කිය­න්නේත් පොලි­සි­යයි. එය නිල වශ­යෙන්ද පොලි­සිය ප්‍රකාශ කළේය.

උද්දික ප්‍රේම­රත්න මහ­තාගේ මෝටර් රථ­යට වෙඩි තබන්නේ පසු­ගිය වසරේ සැත්තැ­ම්බර් 18 වැනිදා රාත්‍රී කාල­යේ­දීය. එම වෙඩි තැබීම සිදු­කර ඇත්තේ උද්දි­කගේ අනු­දැ­නුම මත සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා විසින් බව මේ වන විට හෙළිවී තිබේ. වෙඩි තබා ඇත්තේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­යාගේ නිල ගිනි අවි­යෙනි. පසුව එම අවිය කැඩී ඇති බව පවසා ගිනි අවිය මධ්‍යම අවි ගබ­ඩා­වට ලබා දී වෙනත් අවි­යක් ලබා­ගෙන ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ.

වෙඩි තැබීමේ රංග­න­යෙන් පසු පවුල් පිටින් උද්දික ප්‍රේම­රත්න මහතා ද රටින් පිටව ගොස් කැන­ඩාවේ රැක­ව­ර­ණය ලබ­මින් මේ වන විට ජීවත්වේ.

ගයාන් කුමාර වීර­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x