Home » උසා­වි­යෙන් පැන්න 2ක් මාංචු පිටින් යතුරුපැදිය කි.මීටර් 65ක් පද­වලා

උසා­වි­යෙන් පැන්න 2ක් මාංචු පිටින් යතුරුපැදිය කි.මීටර් 65ක් පද­වලා

නිවෙ­සක සැඟව සිටි­යදී එක් රැඳ­වි­යෙක් අත්­අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
July 2, 2024 2:00 am 0 comment

තුල්හි­රිය අධි­ක­රණ භූමියේ දී බන්ධ­නා­ගාර නිල­ධා­රී­න්ගෙන් මිදී  පැන ගිය රැඳ­වි­යන් දෙදෙ­නකු යතු­රු­පැ­දි­යක් සොරා­ගෙන අත් මාංචු­පි­ටින්ම කිලෝ­මී­ටර්  65ක් දුරක් පද­වා­ගෙන පැමිණ මොර­ග­හ­හේන  ඔල­බො­ඩුව නිව­සක වෙස්ව­ලා­ගෙන සැඟව සිටි­යදී එක් රැඳ­වි­යකු ඊයේ (1) අත්අ­ඩං­ගු­වට ගත් බව මොර­ග­හ­හේන පොලි­සිය කියයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ගෝන­පොල  ඔල­බො­ඩුව  හන්දිය ජාතික තරුණ සේවා මාවතේ පදිංචි රොෂාන් අසංක නොහොත් සුද්දා නමැති 29 හැවි­රිදි රැඳ­වි­යාය.

මොර­ග­හ­හේන පොලි­සි­යට අනු­යුක්ත පාන­දුර කොට්ඨාස බුද්ධි ඒක­කයේ පොලිස් කොස්තා­පල් (91214)  වන්නි­නා­යක මහ­තාට ලද තොර­තු­ර­කට අනුව සැක­කාර රැඳ­වියා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම රැඳ­වියා සමඟ පලා ආ අනෙක් රැඳ­වියා කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පෙරේදා (30) අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

වර­කා­පොල පොලිස් බල ප්‍රදේ­ශයේ යතු­රු­පැදි සොර­කම් සම්බ­න්ධ­යෙන් වර­ක­පොල පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන වර­කා­පොල තුල්හි­රිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත  ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මොවුන් දෙදෙනා බන්ධ­නා­ගාර ගත­කර තිබිණි.

ඉකුත් 28දා රැඳ­වි­යන් දෙදෙනා වර­කා­පොළ තුල්හි­රිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු­ව­කට යළි ඉදි­රි­පත් කිරීම සඳහා කුරු­විට බන්ධ­නා­ගා­රයේ සිට එහි නිල­ධා­රීන් බන්ධ­නා­ගා­ර­යට අයත් බස් රථ­ය­කින් රැගෙන විත් අධි­ක­රණ සිර­මැ­දි­රිය කරා රැගෙන යන අව­ස්ථා­වේදී  රැඳ­වි­යන් දෙදෙනා බන්ධ­නා­ගාර නිල­ධා­රී­න්ගෙන් මිදී පලා ගොස් තිබිණි.

රැඳ­වි­යන් දෙදෙ­නාගේ පලා­යාම සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ පොලිස් මුර­පොළ මගින් වර­කා­පොල පොලි­සි­යට  දැනු­ම්දී­මත් සම­ඟම රැඳ­වි­යන් දෙදෙනා සොයා මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කළද සොයා ගැනී­මට නොහැකි විය.

අත්අ­ඩං­ගු­වට ගත් රැඳ­වි­යා­ගෙන් සිදු­කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇත්තේ  වර­කා­පොල තුල්හි­රිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය අස­ලදී පලා­යා­මෙන් අන­තු­රුව අනෙක් රැඳ­වියා සමඟ අත්මාං­චු­පි­ටින්ම ඒ ආස­න්නයේ ගඟ­කට බැස කිලෝ­මී­ටර් 6ක් පමණ පාග­ම­නින් ගොස්  කැල­ය­කට වැදී  දින දෙකක් පුරා කැලේට වී නිර­හා­රව  සැඟවී සිටි බවත්ය.

එම ගඟෙහි වතුර ගෙල ආස­න්න­යට තෙක් තිබූ බව රඳ­වි­යා­ගෙන් ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇත. කැලේ සැඟව සිටින අව­ස්ථා­වේදී පොලිස් නිල­ධා­රීන් ඒ මේ අත යන හඬ  ඇසුණු බවත් විදුලි පන්දම් එළිද දෙදෙ­නාගේ මූණට එල්ල වූ බවත් රැඳ­වියා පොලි­සිය හමුවේ සිදු­කළ ප්‍රකා­ශ­ය­කින් අනා­ව­ර­ණය වී ඇත.

අන­තු­රුව ඊයේ 30 වැනිදා අලු­යම දෙදෙ­නාම කැල­යෙන් පිට­තට පැමිණ යතු­රු­පැ­දි­යක් සොර­කම් කිරීම සඳහා ඇවි­ද­ගෙන යාමේදී නිව­සක් ඉදි­රි­පිට යතු­රු­පැ­දි­යක් නවතා තිබූ බවත් එම යතු­රු­පැ­දිය සොරා­ගෙන මද දුරක් තල්ලු කර­ගෙන ගොස්  පණ ගන්වා­ගෙන  පැමි­ණෙ­මින් සිටිය දී එහි ඇක්ස­ලේ­ටරේ කේබ­ලය කැඩුණු බවත් පිටු­පස සිටි මිතුරා දකු­ණත ඇක්ස­ලේ­ටරේ කේබ­ලය අල්ලා­ගෙන සිටි­යදී දෙදෙ­නාම අත්මාංචු  පිටින්ම මොර­ග­හ­හේන  ඔල­බො­ඩුව නිවස කරා පැමිණ එහි දී අත්මාං­චු­වක් ආය­ක­ටු­ව­කින් විවෘත කළ බවත් අනෙක් අත්මාං­චුව කැපූ බවත් හෙලි වී ඇත. එලෙස යතු­රු­පැ­දි­යෙන් පැමි­ණෙන අව­ස්ථා­වේදී ඉන්ධ­නද  කිසිදු අඩු­වක් නොමැ­තිව තිබීම හේතු­වෙන් බාධා­වක් නොමැ­තිව නිව­සට පැමි­ණී­මට හැකිවූ බව රැඳ­වි­යා­ගෙන් අනා­ව­ර­ණය වී ඇත. අන­තු­රුව තම අනෙක් මිතුරා වූ රැඳ­වියා ඔහුගේ නිවස වන හොරණ  මුණ­ගම දවු­ල­ග­ල­වත්ත නිවස කරා ගිය බවත් රැඳ­වි­යා­ගෙන් වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී ඇත.

රැඳ­වියා අත්අ­ඩං­ගු­වට ගන්නා විට  කොණ්ඩය සහ මුහුණ පුරා වවා තිබූ  රැවුල සම්පූ­ර්ණ­යෙන්ම කපා වෙස් වලා­ගෙන සිටි බව පොලි­සිය සඳ­හන් කරයි.

අත් අඩං­ගු­වට ගත් රැඳ­වියා කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ විශේෂ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­ප­තිනි ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අප්සරා අබේ­සේ­කර මහ­ත්මිය වෙත වැඩි­දුර විම­ර්ශන සඳහා භාර දී ඇත.

මොර­ග­හ­හේන  පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තුසිත වික්‍ර­ම­රත්න මහ­තාගේ උප­දෙස් මත පොලිස් සැර­ය­න්ව­රුන් වන 13428 සම්පත් 66337 ඉන්ද්‍ර­ජිත් පොලිස් කොස්තා­පල් වරුන් වන 91214 වන්නි නායක 31292 ජීවන්ත 80503  ජානක මහ­ත්වරු සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත්හ.

 

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x