Home » පියුමි හංස­මාලි පෝර උර 5ක ලිය­විලි ගෙනා­වත් කිසිම ප්‍රකා­ශ­යක් ගෙන නෑ
නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­ස­යට

පියුමි හංස­මාලි පෝර උර 5ක ලිය­විලි ගෙනා­වත් කිසිම ප්‍රකා­ශ­යක් ගෙන නෑ

by Gayan Abeykoon
July 2, 2024 2:45 am 0 comment
ඡායා­රූපය - වාසිත පට­බැ­ඳිගේ

ත්කම් විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­දී­මට පොල්හේ­න්ගොඩ භූතානි ගොඩ­නැ­ඟි­ල්ලෙහි පිහිටි නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමු­වට ඊයේ (01) පැමිණි ජන­ප්‍රිය නිරූ­පි­කා­වක් වන පියුමි හංස­මාලි මහ­ත්මි­ය­ගෙන් කිසිදු ප්‍රකා­ශ­යක් ලබා­ගෙන නැති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සුවේ පියුමි හංස­මාලි මහ­ත්මි­ය­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට පෙර දින­යක ඇයට කැඳ­වී­මක් කළද නොපැ­මිණි බවය. ඒ වෙනු­වට ඇය ඊයේ පැමි­ණෙන බව දැනුම් දී තිබුණු බව ද එම නිල­ධා­රියා කීය. ඇය පැමි­ණෙන බව දැනුම් දුන්නද එය පිළි­ගෙන ඇයට මෙදින පැමි­ණෙන ලෙස නීති විරෝධි වත්කම් විම­ර්ශන අංශය විසින් නැවත දැනු­ම්දී­මක් කර නොති­බිය දී ඇය පැමිණි බැවින් ප්‍රකාශ සට­හ­න්කර ගැනී­මක් සිදු නොවූ බව ද එම නිල­ධා­රියා පැවැ­සීය.

ප්‍රකාශ ලබා නොගත් බැවින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා මුණ­ගැ­සී­මට යන බව සඳ­හන් කර­මින් ඇය පිටත්ව ගිය බව ද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. පියුමි හංස­මාලි මහ­ත්මිය නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමු­වට ඊයේ පැමිණ තිබුණේ සිය සැමියා සම­ඟිනි. නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨාස ගොඩ­නැ­ඟි­ල්ලට ඇතු­ළු­වී­මට පෙර එම ස්ථානයේ රැඳී සිටි මාධ්‍ය­වේ­දීන් අමතා ඇය පවසා සිටියේ තමාට පසු­ගිය සඳුදා නීති­වි­රෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමුවේ පෙනී සිටින ලෙස දැනු­ම්දී­මක් කර තිබුණු බවය. එම දැනු­ම්දීම තමාට ලැබුණේ සෙන­සු­රාදා බව ද ඇය එහිදී කීවාය. ප්‍රකාශ ලබා­දී­මට පැමි­ණිමේ දී ඊට අදාළ ලිය­විලි රැගෙන ආ යුතු වූ බැවින් ඒවා සක­ස්කර ගැනී­මට කාල­යක් අවශ්‍ය බවත් ලිය­විලි විශාල ප්‍රමා­ණ­යක් ඇති බවත් එහිදී ඇය කීවාය. මෙදින තමා පැමි­ණියේ තමා සතුව ඇති විශාල ලිය­විලි ගොන්න­කින් කොට­සක් පම­ණක් රැගෙන බවත් පොහොර බෑග් 05ක් පිරෙ­න්නට තමා එම ලිය­විලි රැගෙන ආ බවත් ඇය කීවාය. උර­වල දැමූ ලිය­විලි තොග­යක් සිය සැමියා සමඟ ඇය පැමිණ සිටි වාහ­නයේ ඩිකියේ තිබුණු අතර ඇය එම ලිය­විලි ගොන්නද මාධ්‍ය­යට පෙන්වනු ලැබීය. ඒ අත­රින් ලිපි­ගොනු කිහි­ප­යක් පම­ණක් රැගෙන ඔවුන් දෙදෙනා නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය තුළට ගියත් ඉතා කෙටි කාල­යක් තුළ නැවත පිට­තට පැමිණ තිබුණි.

තමා අලේ­පන වර්ග­යක් අලෙවි කරන බවත් එම ආලේ­පන වර්ගය රුපි­යල් 35,000ක් වන බවත් පියුමි හංස­මාලි මහ­ත්මිය නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමුවේ පෙනී සිටී­මට පෙර සඳ­හන් කළාය. තමා එම ආලේ­පන වර්ග ගනු­දෙ­නු­ක­රු­වන් 25,000කට අලෙ­වි­කර ඇති බව ද ඇය කීවාය. එසේම තමා සියලු ගනු­දෙනු කර ඇත්තේ බැංකුව සමඟ බැවින් ඕනෑම අයෙ­කුට ගණන් කර තමාගේ ආදා­යම කොප­ම­ණ­දැයි සොයා ගැනී­මට හැකි­යාව ඇති බව ද ඇය එහි දී පැව­සු­වාය.

නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය සඳ­හන් කරනු ලැබුවේ ඉදිරි දිනක නැවත ඇයට පෙනී සිටින ලෙස දැනුම් දෙන බවය. එහිදී ඇය විසින් ඉදි­රි­පත් කරන ලේඛන පරීක්ෂා කරන බවත් අන­තු­රුව ඇය සඳ­හන් කරන ගනු­දෙ­නු­ක­රු­වන් ගැන මෙන්ම අදාළ නිෂ්පා­ද­න­යෙන් ඇයට හිමි­වන ලාභය ගණ­නය කර ඇය නීති විරෝධි ඉප­යී­මක් කර තිබේ­දැයි පරීක්ෂා කරන බව ද නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ උසස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

ගයාන් කුමාර වීර­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x