Friday, July 5, 2024
Home » ඉප­ලෝ­ගම නිවෙ­සක සැක­ක­ට­යුතු මර­ණ­යක්

ඉප­ලෝ­ගම නිවෙ­සක සැක­ක­ට­යුතු මර­ණ­යක්

by Gayan Abeykoon
July 2, 2024 8:09 am 0 comment

ඉප­ලෝ­ගම පොලිස් වසමේ හිරි­පි­ටි­යා­ගම ප්‍රදේ­ශයේ නිව­සක තිබී සැක­ක­ට­යුතු ලෙස ජීවි­ත­ක්ෂ­යට පත් වූ පුද්ග­ල­ය­කුගේ මළ සිරු­රක් පෙරේදා (30දා) සොයා­ගත් බව ඉප­ලෝ­ගම පොලි­සිය පව­සයි.

මෙලෙස, ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ ඉප­ලෝ­ගම, හිරි­පි­ටි­යා­ගම, අලුත් පාර ප්‍රදේ­ශයේ පදිංචි 66 හැවි­රිදි හේරත් බණ්ඩාගේ රත්නා­යක නමැති පුද්ග­ල­යෙකි.

පෙරේදා (30 දා) පොලිස් හදිසි ඇම­තුම් අංක­යට 119 ලද තොර­තු­ර­කට අනුව පස්වරු 3.10ට පමණ මෙම මර­ණය සොයා ගත් බව පොලි­සිය කියයි.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් මර­ණ­ක­රුගේ පුත්‍රයා වන 34 හැවි­රිදි පුද්ග­ල­යෙකු සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කළද එම මර­ණ­යට, සැක­කාර පුත්‍රයා සම්බන්ධ බවට මෙතෙක් තොර­තුරු අනා­ව­ර­ණය නොවූ බව පොලි­සිය කියයි.

දේහය සම්බ­න්ධ­යෙන් හදිසි මරණ පරී­ක්ෂ­ණය පවත්වා පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට නිය­මි­තව තිබිණි.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඉප­ලෝ­ගම පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එච්.ඒ.යූ.එස්. හපු­ආ­රච්චි මහ­තාගේ උප­දෙස් මත පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වැඩි­දුර විම­ර්ශන සිදු­ක­රයි.

 

අනු­රා­ධ­පුර සංචා­රක සශිනි මධු­ෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x