Friday, July 5, 2024
Home » හිඟ­යක් නැති ඖෂධ හිඟ බව කිය­මින් පෙත්සම්කරු ඇමැති මණ්ඩ­ලය නොමඟ යවන්න හදලා
කෙහෙ­ළි­යගේ රිට් පෙත්සම:

හිඟ­යක් නැති ඖෂධ හිඟ බව කිය­මින් පෙත්සම්කරු ඇමැති මණ්ඩ­ලය නොමඟ යවන්න හදලා

නීති­පති

by Gayan Abeykoon
July 2, 2024 7:55 am 0 comment

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ සැබෑ ලෙසම හිඟ­යක් නොතිබූ ඖෂධ ගණ­නා­වක හිඟ­යක් ඇති බවට කරුණු සඳ­හන් කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර­මින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා කැබි­නට් මණ්ඩ­ලය නොමඟ යැවී­මට කට­යුතු කර ඇති අතර ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය උල්ලං­ඝ­නය කර ඇතැයි නීති­ප­ති­ව­රයා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ඊයේ (01) දන්වා සිටි­යේය.

ප්‍රමි­ති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධි­යට අදාළ නඩු විභා­ගය අව­සන් වන තෙක් තමන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය ලබා දුන් නියෝ­ගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්ස­මක් විභා­ගය සඳහා කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් නිර්ම­ලන් විග්නේ­ෂ්ව­රන් මහතා මේ බව සඳ­හන් කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු නිශ්ශංක බන්දුල කරු­ණා­රත්න මහතා සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ශෂී මහේ­න්ද්‍රන් මහතා හමුවේ මෙම පෙත්සම කැඳ­වන ලදි.

එහිදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් නිර්ම­ලන් විග්නේ­ෂ්ව­රන් මහතා දීර්ඝ ලෙස කරුණු ඉදි­රි­පත් කර­මින් පෙත්ස­මට එරෙ­හිව විරෝ­ධතා ඉදි­රි­පත් කළේය.

මෙහිදී ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල පෙත්සම සම්බ­න්ධ­යෙන් වැඩි­දුර කරුණු සලකා බැලීම අද (02) දින සිදු කිරී­මට නියම කළේය.

මෙම පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය, එම අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රා­ර්ව­රයා, පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා, නීති­ප­ති­ව­රයා ඇතුළු පිරි­සක් නම් කර සිටිති. ජනා­ධි­පති නීතිඥ ෆායිස් මුස්තාපා නීතිඥ කීර්ති තිල­ක­රත්න, මෙහෙ­රාන් කරීම් යන නීති­වේ­දීහූ පෙත්ස­ම්කරු වෙනු­වෙන් පෙනී සිටි­යහ. නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යාය.

නෙල්කා මැද­ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x