Home » වීසා නැතුව කර­ක්ගැසූ ඉතාලි කත රිමාන්ඩ්

වීසා නැතුව කර­ක්ගැසූ ඉතාලි කත රිමාන්ඩ්

by Gayan Abeykoon
July 2, 2024 11:06 am 0 comment

වීසා නොමැ­තිව මෙරට රැඳී සිටි ඉතාලි ජාතික කාන්තා­වක මහ­නු­වර පොලි­සියේ සංචා­රක පොලිස් ඒක­කයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් පෙරේදා (30) මහ­නු­වර නග­ර­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සංචා­රක වීසා මත පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මස 30 දින මෙර­ටට පැමිණ තිබෙන ඇයගේ වීසා කාලය එම වසරේ නොවැ­ම්බර් මස 28 දිනෙන් අව­සන්ව ඇත.

වයස අවු­රුදු 33ක් වන ඇය ඉන් අන­තු­රුව ද මෙරට රැඳී සිට ඇති අතර පසු­ගි­යදා මහ­නු­ව­රට පැමිණ සංචා­රක හෝට­ල­යක නවා­තැ­න්ගෙන තිබේ.

ගමන් බෑගය ඇතුළු භාණ්ඩ හෝටල් කාම­රයේ තබා 30 වන දින පෙර­ව­රුවේ ඇය සංචා­රක හෝට­ල­යෙන් පිටව ගොස් ඇත.

පස්ව­රුව වන විටත් ඇය හෝට­ල­යට නොපැ­මි­ණීම නිසා එහි කළ­ම­නා­කරු ඒ සම්බ­න්ධව මහ­නු­වර පොලි­සියේ සංචා­රක පොලිස් ඒක­ක­යට පැමි­ණි­ල්ලක් කර තිබේ.

රාත්‍රි මුර සංචා­රයේ යෙදී සිටි පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් ඇයව මහ­නු­වර නග­රයේ දී හඳු­නා­ගෙන ප්‍රශ්න කර ඇත. එහිදී ඇය වීසා නොමැ­තිව මෙරට රැඳී සිටින බව අනා­ව­ර­ණය වී තිබේ.

සංචා­රක පොලි­සිය මඟින් මහ­නු­වර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ ඉතාලි ජාතික කාන්තාව ජූලි මස 02දා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x