ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී 2014 වසරේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව විභාගයට ගන්නා ඉදිරි දින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (01) නියම කළේය.
මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කරනු ලැබුවේ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් හේතුවෙන් දඬුවම් ලැබ සිරගත කර සිටින උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.
මේ සිද්ධිය හේතුවෙන් පසුගිය නඩු දිනයේ අධිකරණයට නොපැමිණි සාක්ෂිකරුවන් දෙදෙනාට රුපියල් දහස බැගින් ගෙවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් දෙදෙනාට ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කළේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණීල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.
නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 09 දක්වා කල් තැබිණි.