Home » ගල­ගො­ඩ­අත්තේ හිමි උසාවි ගේන්න නියෝග
ආග­ම්ව­ලට අප­හාස කිරීමේ නඩුව:

ගල­ගො­ඩ­අත්තේ හිමි උසාවි ගේන්න නියෝග

by Gayan Abeykoon
July 2, 2024 2:24 am 0 comment

සුභා­ෂිණි සේනා­නා­යක

ජාතික බල සේනා සංවි­ධා­නය කොළඹ කොම්ප­ඤ්ඤ­වී­දය නිපොන් හෝට­ල­යේදී 2014 වස­රේදී  පැවැත්වූ මාධ්‍ය සාක­ච්ඡා­ව­කදී බොදු බල සේනා සංවි­ධා­නයේ මහ­ලේ­කම් ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් කුරා­න­යට, ඉස්ලාම් ධර්ම­යට අප­හාස වන අයු­රින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බ­න්ධ­යෙන් ගොනු­කර ඇති නඩුව විභා­ග­යට ගන්නා ඉදිරි දින ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා ඊයේ (01) නියම කළේය.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය සිදු කරනු ලැබුවේ නඩුව විභා­ග­යට ගන්නා අව­ස්ථා­වේදී අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ සිද්ධි­යක් හේතු­වෙන් දඬු­වම් ලැබ සිර­ගත කර සිටින උන්ව­හන්සේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් නොකි­රීම හේතු­වෙනි.

මේ සිද්ධිය හේතු­වෙන් පසු­ගිය නඩු දිනයේ අධි­ක­ර­ණ­යට නොපැ­මිණි සාක්ෂි­ක­රු­වන් දෙදෙ­නාට රුපි­යල් දහස බැගින් ගෙවී­මට නියම කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඔවුන් දෙදෙ­නාට ඉදිරි දින අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස අව­වාද කළේය.

කොම්ප­ඤ්ඤ­වී­දිය පොලි­සිය පැමි­ණීල්ල වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.

නඩු විභා­ගය ලබන සැප්තැ­ම්බර් මස 09 දක්වා කල් තැබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT