Friday, July 5, 2024
Home » උද්දි­කගේ රියට වෙඩි තැබූ දිනයේ එතැ­නින් ගිය සුදු මෝටර් රථයේ කැමරා දර්ශන රස පරී­ක්ෂ­කට යවා වාර්තාව වහා උසා­වි­යට දෙන්න

උද්දි­කගේ රියට වෙඩි තැබූ දිනයේ එතැ­නින් ගිය සුදු මෝටර් රථයේ කැමරා දර්ශන රස පරී­ක්ෂ­කට යවා වාර්තාව වහා උසා­වි­යට දෙන්න

අනු­ර­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ගෙන් CIDට නියෝග

by Gayan Abeykoon
July 2, 2024 6:58 am 0 comment

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පි උද්දික ප්‍රේම­රත්න මහතා ගමන් ගත් මෝටර් රථ­යට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළ දිනයේ ඒ ආස­න්න­යෙන් සුදු පැහැති මෝටර් රථ­යක් ගමන් ගන්නා අයුරු සට­හන්ව ඇති සීසී­ටීවී දර්ශන රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යවා ඊට අදාළ වාර්තාව නොප­මාව අධි­ක­ර­ණ­යට කැඳ­වන ලෙස අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කළේය.

මෙසේ නියෝග කළේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේම­රත්න මහතා ගමන් ගත් මෝටර් රථ­යට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධි­යට අදාළ නඩුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මෝස­මක් මඟින් කැඳවා වැඩි­දුර වාර්තා­වක් මඟින් අධි­ක­ර­ණ­යට කළ කරුණු දැක්වී­මක් සැල­කි­ල්ලට ගනි­මිනි. ඒ අනුව අදාළ වැඩි­දුර වාර්තාව මඟින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට පවසා සිටියේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේම­රත්න මහතා ගමන් ගත් මෝටර් රථ­යට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ දිනයේ ඒ ආස­න්නයේ මාර්ග­යක සුදු පැහැති මෝටර් රථ­යක් ගමන් ගන්නා අයුරු සීසී­ටීවී කැම­රා­වක සට­හන්ව ඇති බවයි. එම සීසී­ටීවී දර්ශ­න­වල සට­හන්ව ඇති මේ සුදු පැහැති මෝටර් රථය අදාළ වෙඩි ප්‍රහා­රය එල්ල කිරී­මට සැක­ක­රු­වන් පැමිණි මෝටර් රථය බවට සැක කරන්නේ යැයිද? අධි­ක­ර­ණ­යට දැනුම් දුන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව එහෙත් ස්ථීර­වම ඒ බව තහ­වුරු කර ගැනී­මට තරම් අදාළ සීසී­ටීවී දර්ශන පැහැ­දිලි තත්ත්වයේ නොප­ව­තින බවද කියා සිටි­යේය. එම නිසා අදාළ සීසී­ටීවී දර්ශන රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වත යවා වාර්තා­වක් කැඳ­වී­මට අවශ්‍ය බැවින් ඒ සඳහා අධි­ක­ර­ණයේ අව­ස­රය දෙන ලෙසද ඉල්ලා සිටි­යේය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එම ඉල්ලී­මට අධි­ක­ර­ණයේ අව­ස­රය දුන් ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා එකී රස පරී­ක්ෂක වාර්තාව සහ විම­ර්ශ­න­වල ප්‍රග­තිය දැක්වෙන වාර්තා­වක් නොප­මාව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට ද නියෝග කෙරිණ.

මේ අතර මේ වෙඩි තැබී­මට යොදා ගත් බවට සැක කෙරෙන අනු­රා­ධ­පු­රයේ හිටපු සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු පරි­හ­ර­ණය කළ ශ්‍රී ලංකා පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් පිස්තෝ­ලය සහ වෙඩි තැබීම කළ ස්ථානයේ තිබී සොයා ගත් පිස්තෝ­ලය හිස් උණ්ඩ මීට පෙර අධි­ක­රණ නියෝග මත රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යවනු ලැබීය.

එළෙස යැවුණේ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේම­රත්න මහ­තාට වෙඩි තැබී­මට යොදා­ගෙන ඇත්තේ අනු­රා­ධ­පුර හිටපු සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­ය­කුට ශ්‍රී ලංකා පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව මඟින් නිකුත් කර තිබූ රාජ­කාරි පිස්තෝ­ල­යෙන් බවට මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් කළ පුළුල් විම­ර්ශ­න­යේදී අනා­ව­රණ වී ඇති බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන් අව­ස්ථා­වේ­දීය. වෙඩි තැබීම හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේම­රත්න සහ අනු­රා­ධ­පුර හිටපු සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු සැල­සුම් සහ­ග­තව සිදු කර ගත් එකක් බවට කරුණු අනා­ව­රණ වෙමින් පව­තින බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ඒ අනුව ඉදිරි විම­ර්ශන කට­යුතු සඳහා අදාළ පිස්තෝ­ලය සිය භාර­යට ගෙන විම­ර්ශන අරඹා වැද­ගත් තොර­තුරු රැසක් හෙළි කර ගත් බවද පවසා සිටි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙඩි තැබීමේ සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් ඉදි­රි­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන බවද කීය.

මේ වෙඩි තැබීමේ සිද්ධි­යට අදාළ විම­ර්ශ­න­යේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අනු­රා­ධ­පුර හිටපු සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු පරි­හ­ර­ණය කළ පිස්තෝ­ලය සිය භාර­යට ගැනී­මත් සමඟ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා ඉකුත් 12දා රාත්‍රියේ මැලේ­සි­යා­වට පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමු­ව­කදී මීට පෙර ප්‍රකාශ කළේය. ඔහු එසේ මැලේ­සි­යා­වට ගොස් ඇත්තේ පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වෙන් කිසිම අව­ස­ර­යක් නොගෙන බව ද එහිදී සඳ­හන් කළ මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා සිය රාජ­කාරි පිස්තෝ­ලය කටු­නා­යක ගුවන් තොටු­පො­ළේදී වෙනත් පුද්ග­ල­ය­කුට භාරදී ඔහු මෙලෙස මැලේ­සි­යා­වට ගොස් ඇති බවත් සිය රාජ­කාරි පිස්තෝ­ලය අන්සතු කිරීම දඬු­වම් ලැබිය හැකි වර­දක් බව ද පවසා සිටි­යේය.

වෙඩි තැබී­මට අදා­ළව අධි­ක­රණ නියෝග මත රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත දැනට යවා ඇති සීසී­ටීවී කැමරා සංඛ්‍යාව 12කි. ඒ කිසිදු කැම­රා­වක අදාළ වෙඩි තැබීම සිදු වන අයුරු සට­හන්ව නැති බව විම­ර්ශ­න­ව­ලදී හෙළි කර ගැණින. හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේම­රත්න මහ­තාගේ ආර­ක්ෂා­වට යොදවා සිටි ප්‍රභූ ආර­ක්ෂක අංශ­යට අනු­යුක්ත පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නාට නිකුත් කර ඇති පැති අවි දෙකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද? යන්න අනා­ව­ර­ණය කර ගැනීම සඳහා එම පැති අවි දෙකද (පිස්තෝල දෙක) රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත අධි­ක­රණ නියෝග මීට පෙර යැවිණ.

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x