Thursday, July 4, 2024
Home » චීන ජනපති අස්තානා නුවරට ළඟාවෙයි

චීන ජනපති අස්තානා නුවරට ළඟාවෙයි

by chanaka
July 2, 2024 1:07 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින්පිං කසක්ස්ථානයේ අස්තානා අගනුවරට පැමිණෙයි.

හෙතෙම විශේෂ ගුවන් යානයකින් අද (02) දහවල් එහි ළඟාවිය. කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev ගුවන් තොටුපළේ දී ෂී ජින්පිං මහතා හරසරින් පිළිගත්තේය.

චීන ජනාධිපතිවරයා කසක්ස්ථානයට පැමිණියේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසියට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම සඳහා යි.

කසක්ස්ථාන ගුවන් කලාපයට ඇතුළු වූ පසු ෂී ජින්පිං පැමිණි ගුවන් යානයේ ආරක්ෂාව සඳහා එරට හමුදා ගුවන් යානා 2 ක් යොදවා තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x