Home » දකුණු පාකි­ස්තා­නයේ ගංව­තු­රෙන් 7ක් මරුට

දකුණු පාකි­ස්තා­නයේ ගංව­තු­රෙන් 7ක් මරුට

by Gayan Abeykoon
July 2, 2024 1:01 am 0 comment

දකු­ණු­දිග පාකි­ස්තා­නයේ කුවේටා ප්‍රාන්ත­යට ඇද හැලෙන ධාරා­නි­පාත වර්ෂාව හේතු­වෙන් උද්ගත වූ ගංව­තු­රට හසු­වී­මෙන් පුද්ග­ල­යන් 7 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මියගිය අය අතර දරු­වන් දෙදෙ­නකු ද සිටින බව පාකි­ස්තාන මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. තවත් පුද්ග­ල­යන් 25කට වැඩි සංඛ්‍යා­වක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. නිවා­ස­වල වහල කඩා වැටී­මෙන් හිසට දරුණු තුවාල සිදු­වීම නිසා 6 දෙන­කුගේ තත්ත්වය බර­ප­තළ බවත් පාකි­ස්තාන මාධ්‍ය සඳ­හන් කළේය.

ඉන් වැඩිම හානිය සිදුවී ඇත්තේ කුවේටා ප්‍රාන්තයේ ඩේරා බග්ටි දිස්ත්‍රි­ක්ක­යට බවත්, එම දිස්ත්‍රි­ක්ක­යට බලපෑ අධික වර්ෂා­වෙන් නිවාස රැසක් විනාශ වී ඇතැයි ද, ගංව­තුර අව­දා­නම හේතු­වෙන් තවත් නිවාස රැසක පුද්ග­ල­යන් ඉවත් කිරි­මට ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය පිය­වර ගෙන ඇතැයි ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

වසර 2022 දී පාකි­ස්තා­නයේ හට­ගත් දරුණු ගංව­තුර තත්ත්වය හේතු­වෙන් පුද්ග­ල­යන් 1,700කට දිවි අහිමි වූ අතර, එම ස්වභා­වික ආප­දාව හේතු­වෙන් පාකි­ස්තාන රජ­යට අමෙ­රි­කානු ඩොලර් 35ක ආර්ථික පාඩු­වක් සිදුවූ බවට ද ඇස්ත­මේන්තු කර තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x