Home » පැරි­සියේ ප්‍රචණ්ඩ ක්‍රියා
මැක්‍රොන්ගේ පරා­ජ­යෙන් ජන­තාව වියරු වැටෙති

පැරි­සියේ ප්‍රචණ්ඩ ක්‍රියා

by Gayan Abeykoon
July 2, 2024 1:11 am 0 comment

ප්‍රංශ මැති­ව­ර­ණයේ පළමු වට­යෙන්ම දක්ෂි­ණාං­ශික පක්ෂය ජය ගැනී­මෙන් කෝප­යට පත් ජනා­ධි­පති මැක්‍රොන් හිත­වාදී  එරට දහස් සංඛ්‍යාත ඡන්ද­දා­ය­ක­යන් සහ සංක්‍ර­ම­ණි­ක­යන් වීදි බැස ප්‍රචණ්ඩ ලෙස හැසි­රී­මට පටන් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංක්‍ර­ම­ණි­ක­යන් සම්බන්ධ නීති දැඩි කිරීමේ ප්‍රති­ප­ත්ති­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇති එරට දක්ෂි­ණාං­ශික පක්ෂයේ නායිකා මැරීන් ලේ පෙන්ගේ ජය­ග්‍ර­හ­ණය ප්‍රකා­ශ­යට පත්වී­මත් සමඟ පැරිස් නුව­ර­ත් ඒ අවට ප්‍රදේ­ශ­ව­ලත් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගොස් ඇති අතර, විරෝ­ධ­තා­ක­රු­වන් කඩ­සා­ප්පු­වල වීදුරු කවුළු කඩා දම­මින් ද, රථ­වා­හ­න­ව­ලට ගිනි තබ­මින් ද සිය කෝපය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. තත්ත්වය පාල­නය කිරී­මට කැරලි මර්දන පොලිස් භට කණ්ඩා­යම් කැඳ­වී­මට රජ­යට සිදුවූ බවත්, එදින අලු­යම දක්වා පැතිරී ගිය ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැ­ත්වී­මට පොලි­සිය ද අස­මත් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x