Home » මිය­න්මාර සර­ණා­ගත දරු­වකු නිව්යෝර්ක් පොලිස් වෙඩි පහ­රින් මරුට

මිය­න්මාර සර­ණා­ගත දරු­වකු නිව්යෝර්ක් පොලිස් වෙඩි පහ­රින් මරුට

by Gayan Abeykoon
July 2, 2024 1:15 am 0 comment

ව්‍යාජ අත්තු­ව­ක්කු­වක් ළඟ තබා­ගෙන සිටි අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුවර උටිකා ප්‍රදේ­ශයේ 13 හැවි­රිදි මිය­න්මාර සර­ණා­ගත දරු­වකු පසු­ගි­යදා පොලිස් වෙඩි පහ­රින් ජීවි­ත­ක්ෂ­යට පත්වීම සම්බ­න්ධව නිව්යෝර්ක් නුවර නීති­පති ජන­රාල් කාර්යා­ල­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නායාහ් එමවේ නමැති එම දරුවා පොලිස් නිල­ධා­රීන් වෙත අත්තු­ව­ක්කු­වක් එල්ල කර­මින් දිව­යෑ­මට උත්සාහ කළ බව ඔහුට වෙඩි තැබූ පොලිස් නිල­ධා­රියා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

නිව්යෝර්ක් පොලි­සිය ප්‍රකාශ කර ඇත්තේ ඊට පෙර දින උටිකා ප්‍රදේ­ශ­යේදී සොර­ක­මක් හේතු­වෙන් එදින රාත්‍රියේ ජංගම පොලිස් රථ­යක් එම ප්‍රදේ­ශ­යට පැමිණ ඇති අතර, එහිදී  හමුවූ එම දරු­වා­ගෙන් ප්‍රශ්න කර­මින් සිටි­යදී ඔහු අත්තු­ව­ක්කු­වක් එල්ල කර අන­තු­රුව පලා යෑමට උත්සාහ කර ඇති බවය. පසුව පොලිස් නිල­ධා­රි­යකු ඔහු පසු­පස හඹා ගොස් මෙල්ල කර­ගැ­නී­මෙන් පසු එම ස්ථාන­යට පැමිණි තවත් පොලිස් නිල­ධා­රි­යකු  දරු­වාට වෙඩි තැබූ බව පොලිස් නිල­ධා­රීන්ගේ නිල ඇඳුමේ සවි කර තිබූ කැම­රාවේ පටි­ගත වී ඇතැයි නිව්යෝර්ක් පොලි­සිය  වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x