Home » පැරි­සියේ අධි­වේගී මාර්ග­ය­කට ගුව­න්යා­න­යක් කඩා වැටිලා

පැරි­සියේ අධි­වේගී මාර්ග­ය­කට ගුව­න්යා­න­යක් කඩා වැටිලා

by Gayan Abeykoon
July 2, 2024 1:19 am 0 comment

ප්‍රංශයේ පැරිස් අග­නු­ව­රට නැඟෙ­න­හි­රෙන් පිහිටි අධි­වේගී මාර්ග­ය­කට සැහැල්ලු ගුවන්යාන­යක් කඩා වැටී­මෙන් එහි ගමන් ගත් පුද්ග­ල­යන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා මේ අන­තුර සිදුවී ඇති අතර, ඒ මොහොතේ අධි­වේගී මාර්ගයේ කිසිදු වාහ­න­යක් ගමන් නොකි­රීම නිසා දරුණු අන­තු­රක් වැළකී ගිය බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අන­තු­රට හේතුව ගුවන්යානය විදුලි රැහැ­නක පැට­ලීම විය හැකි බවට පොලි­සිය අනු­මාන කර ඇති අතර, අන­තුර සිදු­වී­මත් සමඟ අධි­වේගී මාර්ගයේ දෙප­සම වාහන ගම­නා­ග­ම­න­යට බාධා සිදුවූ බවද වාර්තා වේ. එම සැහැල්ලු ගුව­න්යා­නය සංචා­ර­ක­යන් කිහි­ප­දෙ­නකු රැගෙන ගමන් කළ ගුව­න්යා­න­යක් වන අතර, මේ වන විට අන­තුර පිළි­බඳ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x