Home » වැඩි මිලට සහල් අලෙවි කළ 11ක් මිය­න්මාර හමුදා රජයේ අත්අ­ඩං­ගු­වට

වැඩි මිලට සහල් අලෙවි කළ 11ක් මිය­න්මාර හමුදා රජයේ අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
July 2, 2024 1:28 am 0 comment

රජයේ පාලන මිලට වඩා වැඩි මුද­ල­කට සහල් අලෙවි කළ ව්‍යාපා­රි­ක­යන් 11 දෙනකු මිය­න්මාර හමුදා රජය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අත්අ­ඩං­ගු­වට ගත් පිරිස අතර එරට සුපිරි වෙළෙ­ඳ­ස­ලක මෙහෙ­යුම් නිල­ධා­රියා ලෙස කට­යුතු කළ ජපාන ජාතික විධා­යක නිල­ධා­රි­යකු ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අත්අ­ඩං­ගු­වට ගත් පිරිස අතර සහල් වෙළෙ­ඳුන්, සහල් මෝල් හිමි­යන් සහ සිල්ලර සහල් වෙළෙ­ඳුන් ද සිටින බව මිය­න්මාර රජයේ නිල­ධා­රි­යකු ප්‍රකාශ කර තිබේ.

මිය­න්මා­රයේ පව­තින ආර්ථික අර්බු­දය සහ වර්ත­මා­නයේ පව­තින සිවිල් යුද්ධය හේතු­වෙන් දැඩි දුෂ්ක­ර­තා­වට ලක්වී සිටින මිය­න්මාර රජය සහල් ඇතුළු අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික ද්‍රව්‍ය සඳහා පාලන මිලක් නියම කර ඇති අතර,  පුද්ග­ල­යන් 11 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එම පාලන මිලට වඩා 70%ක අධික මිල­කට සහල් අලෙවි කිරිමේ චෝද­නා­වට බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x