Home » ඔස්ට්‍රේ­ලි­යාව සහ ඉන්දි­යාව අතර ඩොලර් මිලි­යන 18ක අභ්‍ය­ව­කාශ ව්‍යාපෘ­ති­යක්

ඔස්ට්‍රේ­ලි­යාව සහ ඉන්දි­යාව අතර ඩොලර් මිලි­යන 18ක අභ්‍ය­ව­කාශ ව්‍යාපෘ­ති­යක්

by Gayan Abeykoon
July 2, 2024 1:25 am 0 comment

අභ්‍ය­ව­කාශ ක්ෂේත්‍රය ජය ගැනී­මට ඔස්ට්‍රේ­ලි­යානු රජය ඉන්දි­යාව සමඟ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 18ක ඒකා­බද්ධ ව්‍යාපෘ­ති­ය­කට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දේශ­ගු­ණික විප­ර්යාස, නිෂ්පා­දන ඉහළ දැමීම සහ උසස් ප්‍රමි­ති­යෙන් යුතු කෘත්‍රිම බුද්ධිය වැඩි දියුණු කිරීම වැනි අර­මුණු කිහි­ප­යක් ඉලක්ක කර­මින් එම ගිවි­සු­මට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඉන්දි­යාවේ නව අභ්‍ය­ව­කාශ සමා­ගම සහ ඔස්ට්‍රේ­ලි­යාවේ අභ්‍ය­ව­කාශ යාන්ත්‍රික සමා­ගම අතර එම ගිවි­සුම අත්සන් කිරිමේ අව­ස්ථා­වට ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ ආය­ත­නයේ ප්‍රධානි එස්.සෝම­නාත් සහ ඉන්දි­යාවේ ඔස්ට්‍රේ­ලි­යානු මහ­කො­ම­සා­රිස් පිලිප් ග්‍රීන් ද එක්වී ඇතැයි එරට මාධ්‍ය සඳ­හන් කළේය. දෙපා­ර්ශ්වය අතර අභ්‍ය­ව­කාශ ව්‍යාපෘති සඳහා ගිවි­සුම් 3කට අත්සන් තැබී­මට නිය­මි­තව ඇතැයි ඉන්දි­යාවේ ඔස්ට්‍රේ­ලි­යානු මහ­කො­ම­සා­රි­ස්ව­රයා එහි දී සඳ­හන් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x