Home » ප්‍රංශ මැති­ව­ර­ණයේ පළමු වට­යෙන් විප­ක්ෂය ජය ගනී
මැක්‍රොන්ගේ ආධි­ප­ත්‍යය සෙල­වෙයි

ප්‍රංශ මැති­ව­ර­ණයේ පළමු වට­යෙන් විප­ක්ෂය ජය ගනී

දෙවැනි වටයේ ඡන්ද විම­සුම 7 දා

by Gayan Abeykoon
July 2, 2024 1:30 am 0 comment

ප්‍රංශයේ හදිසි මැති­ව­ර­ණයේ පළමු වට­යෙන් ජනා­ධි­පති එමැ­නු­වෙල් මැක්‍රොන්ගේ ප්‍රබ­ල­තම ප්‍රති­වා­දීයා වන දක්ෂි­ණාං­ශික පක්ෂය ජය­ග්‍ර­හ­ණය අත්ක­ර­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුරෝපා පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී ලැබූ පරා­ජය හේතු­වෙන් ප්‍රංශ ජනා­ධි­පති එමැ­නු­වෙල් මැක්‍රොන් පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැර එම මැති­ව­ර­ණය කැඳවා තිබූ අතර, ඊයේ නිකුත් කළ ප්‍රති­ඵ­ල­ව­ලට අනුව විපක්ෂ නායිකා මැරින් ලේ පෙන්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු දක්ෂි­ණාං­ශික පක්ෂය 34% ක වැඩි ප්‍රති­ශ­ත­යක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ රෙන­යි­සන්ස් පක්ෂ­යට පළමු වට­යේදී ලැබී ඇත්තේ 20.5% ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් පම­ණක් බවත්, වාමාං­ශික පක්ෂ එක­මු­තුව 29% ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ජනා­ධි­පති මැක්‍රොන් අබි­බවා ගිය බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. දෙවැනි වටයේ ඡන්ද විම­සීම ලබන 7 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x