Thursday, July 4, 2024
Home » සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපියක් ගැන පොලිසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපියක් ගැන පොලිසියෙන් නිවේදනයක්

by yasara
July 2, 2024 4:34 pm 0 comment

සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමේ අදාළ ලිපිය සකස් කර ඇතැයි පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර සිටියේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024 ජූලි 1 වනදා නිකුත්  කළ බවට හැඟවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙයි.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලීසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x