Home » සම්පන්දන් අභාවයෙන් හිස් වූ මන්‍ත්‍රී ධූරය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරේ

සම්පන්දන් අභාවයෙන් හිස් වූ මන්‍ත්‍රී ධූරය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරේ

by yasara
July 2, 2024 11:29 am 0 comment

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී   රාජවරෝදයම් සම්පන්දන් මහතා මියයාම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව අනුව, 2024 ජුනි 30 දින සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

සම්පන්දන් මහතාගේ අභාවය මෙම පාර්ලිමේන්තුවට තමා දන්වා සිටින්නේ බලවත් කනගාටුවෙන් බව ප්‍රකාශ කළ කථානායකවරයා  මන්ත්‍රීවරයාගේ පවුලේ අය වෙත පාර්ලිමේන්තුවේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන බවද දන්වා සිටියේය.

මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මතු දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව සඳහන් කළ කථානායකවරයා අවසන් ගෞරව දැක්වීම සඳහා සම්පන්දන් මහතාගේ දේහය  2024 ජූලි 03, එනම් හෙට දින පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල උත්සව ශාලාවේ අපර භ‍ාග 2.00 සිට අපර භ‍ාග 4.00 වන තෙක් තැන්පත් කර තැබෙන බව සියලුම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත කාරුණිකව දැනුම් දෙන බවද ප්‍රකාශ කළේය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x