Home » ලිට්‍රෝ ගෑස් මිළ පහළට

ලිට්‍රෝ ගෑස් මිළ පහළට

by yasara
July 2, 2024 11:07 am 0 comment

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ.

මෙම මිළ සංශෝධනයට අනුව  කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත.

එහි නව මිල රුපියල් 3,690ක් ලෙස සටහන් වෙයි. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත.

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x