Home » අනියම් පෙමක් ඝාතනයකින් කෙළවර වෙයි

අනියම් පෙමක් ඝාතනයකින් කෙළවර වෙයි

by yasara
July 2, 2024 10:19 am 0 comment

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවක් ඝාතනය කර පලා ගිය සැක කරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙයි.

මීට දින කිහිපයකට පෙර බියගම ප්‍රදේශයේ දී අනියම් බිරිය මාරා කොස්ගොඩ කයිකාවලට පැමිණ සිටියදී අනියම් සැමියා බව කියන 32 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම මුර සංචාර රාජකාරි නිරතව සිටි නිළධාරින් කණ්ඩායමක් විසින් සැකකරු බීමතින් සිටීම නිසා සැකපිට ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනය අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි මදුෂිකා පියංගලී නමැත්තියකි.

බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ   කුලි පදනම මත ගෙවන ලද නිවසක කාමරයක් තුළදි වයරයකින් ගෙල සිර කර මෙම ඝාතනය සිදු කර ඇති බවට ප්‍රශ්න කිරිමේදි අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ හා බියගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x