Home » නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් – හිටපු ජනපති මහින්ද

නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් – හිටපු ජනපති මහින්ද

by yasara
July 2, 2024 9:39 am 0 comment

නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ (01)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය

ඒ මහතා එසේ පැවසූවේ ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු ජන එක්සත් පෙපෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි .

එහිදී පොදු ජන එක්සත් පෙරමුණ තවමත් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකයෙකු තෝරා ගෙන නොමැති බව ද පැවසීය .

මහින්ද රාජපක්ෂ මහතා චීනයේ බෙයිජිං නුවර පැවති ” සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට ” සහභාගී වීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ මෙලෙස අදහස් දැක්වීය .

මෙම සංවත්සර උළෙල 06/28 දින චීනයේ බෙයිජිං නුවර මහජන ශාලාවේ පවත්වා තිබුණි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී මැතිතුමා සමග ද සාකච්ඡා කළ බවත් , එම සාකච්ඡා සාර්ථක බවත්  චීන  රජය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියටත්  යහපත් ස්ථාවරයක පසු වන බවත්  පැවසීය .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x