Home » මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by yasara
July 2, 2024 8:22 am 0 comment

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කරයි .

 

මෙලෙස කැඩී ගොස් ඇත්තේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේ  කොටසකි.

 

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයක පමණක් සිදුවන බැවින් දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

 

එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x