Sunday, April 20, 2025
Home » සජ­බෙන් හොරු අල්ලන වැඩේ භාර­ දෙන්න හිටිය ෆොන්සේකා සජබ‍ හොරු ගැන හෙළි කරනවා

සජ­බෙන් හොරු අල්ලන වැඩේ භාර­ දෙන්න හිටිය ෆොන්සේකා සජබ‍ හොරු ගැන හෙළි කරනවා

පෙම්ව­ති­යට සුබ­ පැ­තු­මක් ගන්න පින් කැටය කැඩූ දරුවා පොලි­සිය බාරේ රෝහ­ලට

by Gayan Abeykoon
July 2, 2024 2:23 am 0 comment

නිමන්ති රණ­සිංහ

සජිත්ගේ ආණ්ඩු­වක් යටතේ හොරු අල්ලන වැඩේ භාර­දෙන්නේ ෆොන්සේ­කාට යැයි සජිත් ප්‍රකාශ කළ බවත් දැන් ඒ ෆොන්සේකා වංචා දූෂණ හෙළි කරන බවට සජිත් පසු­පස පන්නන බවත් ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. 

ආණ්ඩුව එන්නත් කලින් දැන් සරත් ෆොන්සේකා කැසිනෝ සල්ලි ගලා එන හැටි පෙන්වා දෙමින් හොරෙක් හෙළි­කර තිබෙන බව ද ඒ මහතා කීය.  මහ­නු­වර දී පැවැති රැස්වී­මක දී අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව පැව­සු­වේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් සජිත් ප්‍රේම­දා­සට ජන­ප­ති­ව­ර­ණය සඳහා තරග කිරී­මට ඇති එකම සුදු­සු­කම එයාම කියන පරිදි ප්‍රේම­දා­සගේ පුතා වීම බව ද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

දෙගි­ඩි­යා­වක් අවි­නි­ශ්චි­ත­තා­වක් නැහැ මේ වසරේ ජන­ප­ති­ව­ර­ණය පැවැ­ත්විය යුතුයි. මැති­ව­රණ කොමි­ස­මට නාම යෝජනා භාර ගැනී­මෙන් පසු සති හත­රක් ඇතු­ළත ජන­ප­ති­ව­ර­ණය පව­ත්වන දිනය ප්‍රකා­ශ­යට පත් කළ යුතුයි. ජන­ප­ති­ව­ර­ණය බොහෝ විට සැප්තැ­ම්බර් 28 හෝ ඔක්තෝ­බර් 05 පැවැති විය හැකි යැයිද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT