Home » ඉදි­කි­රීම් කොන්ත්‍රා­ත්ක­රු­වන්ට හිඟවූ බිලි­යන 200ක් ගෙවා අව­සන්

ඉදි­කි­රීම් කොන්ත්‍රා­ත්ක­රු­වන්ට හිඟවූ බිලි­යන 200ක් ගෙවා අව­සන්

ප්‍රමාද ගාස්තු අය නොකර නැවත ලියා­ප­දිං­චි­ය­ටත් අව­ස්ථාව

by Gayan Abeykoon
July 2, 2024 4:00 am 0 comment

වඩු-මේසන්-බයි­න්ඩින් ජල නළ-ටයිල් ඇතු­රුම් ශිල්පීහු 7000කට NVQ සහ­තික

කොවිඩ් වසං­ග­තය හා ආර්ථික අර්බු­දය හේතු­වෙන් ඉදි­කි­රීම් කොන්ත්‍රා­ත්ක­රු­වන්ට ගෙවී­මට නොහැකි වූ රුපි­යල් බිලි­යන 200කට අධික මුද­ලක් මේ වන විට ගෙවා අව­සන් කර ඇතැයි නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පැව­ැසීය. ඔහු අව­ධා­ර­ණය කරන්නේ තාක්ෂ­ණික හේතූන් මත බිල්පත් ගෙවී­මට නොහැකි වූ කොන්ත්‍රා­ත්ක­රු­වන්ගේ බිල්පත්ද කඩි­න­මින් ගෙවා අව­සන් කිරී­මට මේ වන විට පිය­වර ගෙන ඇති බවයි. 

මෙරට දළ ජාතික නිෂ්පා­ද­න­යට ඉදි­කි­රීම් කර්මාන්ත ක්ෂේත්‍රය 8% – 9% දාය­ක­ත්ව­යක් ලබා දෙයි. මෙරට ජන­ග­හ­න­යෙන් 20%ක් පමණ ඉදි­කි­රීම් කර්මාන්ත ක්ෂේත්‍ර­යට සම්බ­න්ධව කට­යුතු කරනු ලබයි. පසු­ගිය කොවිඩ් හා ආර්ථික අර්බු­දය හේතු­වෙන් මෙරට කඩා වැටුණ ඉදි­කි­රීම් කර්මා­න්තය නගා සිටු­වීම අවශ්‍ය කට­යුතු සොයා බැලීම සඳහා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ උප­දෙස් පරිදි කමිටු 05ක් ක්‍රියා­ත්මක විය. රාජ්‍ය නිල­ධා­රීන්, ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන් සහ කොන්ත්‍රා­ත්ක­රු­ව­න්ගෙන් එම කමිටු සම­න්විත විය.

එම කමිටු හරහා මෙරට ඉදි­කි­රීම් ක්ෂේත්‍රය ගොඩ­නැං­වීම සඳහා යෝජනා 50ක් ඉදි­රි­පත් වූ අතර එයින් ක්ෂණි­කව ක්‍රියා­ත්මක කළ හැකි ක්ෂේත්‍ර 14ක් පිළි­බ­ඳව රජයේ අව­ධා­නය යොමු­විය. එම කරුණු ඔස්සේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රය ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා නව ප්‍රති­ප­ත්ති­යක් නිර්මා­ණය කිරී­මට අමාත්‍ය මණ්ඩ­ලය වෙත කරුණු ඉදි­රි­පත් කර ඇති බවද ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා සඳ­හන් කළේය.

මේ අතර ප්‍රමාද ගාස්තු අය කිරී­ම­කින් තොරව ඉදි­කි­රීම් කොන්ත්‍රා­ත්ක­රු­වන් ලියා­ප­දිංචි කිරී­මද ඉදි­කි­රීම් කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රිය මේ වන විට නැවත ආරම්භ කර තිබේ. ජාතික ඉදි­කි­රීම් සංග­මයේ ඉල්ලීම පරිදි 2020ට පෙර ලියා­ප­දිං­චිය ලබා ගැනී­මට නොහැකි වූ අය­ටද නැවත ලියා­ප­දිං­චිය ලබා ගැනී­මට ඉඩ ප්‍රස්ථා සලසා ඇත. ඒ අනුව කුඩා හා මධ්‍යම කොන්ත්‍රා­ත්ක­රු­වන්ගේ (C4 – C9) වසර 03ක ප්‍රමාද ගාස්තුද නිද­හස් කර ඇති බව ඉදි­කි­රීම් කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රිය පව­සයි. මේ නිසා ඕනෑම කොන්ත්‍රා­ත්ක­රු­ව­කුට ඉදි­කි­රීම් කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රියේ ලියා­ප­දිං­චිය ලබා ගැනීමේ අව­ස්ථාව හිමිවේ.

ඉදි­කි­රීම් කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රියේ මැදි­හ­ත්වී­මෙන් පසු­ගිය වසර 5 ඇතු­ළත පෙද­රේරු‚ වඩු කාර්මික‚ කම්බි නැවු­ම්කරු‚ ජල­නළ කාර්මික හා පිඟ­න්ග­ඩොල් ඇතු­රු­ම්කරු ක්ෂේත්‍ර යටතේ ඉදි­කි­රීම් ශිල්පීන් 7,000කට පමණ NVQ සහ­ති­කය ලබා දීමට පිය­වර ගෙන තිබේ. ඒ සඳහා වැය කළ මුදල රු. මිලි­යන 485කි.

ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ ශිල්ප කාණ්ඩ 26ක් යටතේ NVQ සුදු­සු­කම් නිපුණ ශිල්පීන් සඳහා හැඳු­නු­ම්පත් ලබා­දීමේ වැඩ­ස­ට­හ­නද මේ වන විට ක්‍රියා­ත්මක කරන බව ඉදි­කි­රීම් කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රිය පව­සයි. මේ වන විට 300කට පමණ හැඳු­නු­ම්පත් ලබාදී අව­සන්ය.

පසු­ගිය වසර 5 තුළදී අනු­රා­ධ­පුර, ගල්කු­ලම ඉදි­කි­රීම් යන්ත්‍රෝ­ප­ක­රණ මෙහෙ­යුම් ශිල්පී විදු­හල මඟින් ඉදි­කි­රීම් යන්ත්‍ර ක්‍රියා­ක­රු­වන් (මෙහෙ­යුම් ශිල්පීන්) 1,386 දෙනෙ­කුද, බත්ත­ර­මුල්ල, පැල­වත්ත ඉදි­කි­රීම් යන්ත්‍රෝ­ප­ක­රණ පුහුණු මධ්‍ය­ස්ථා­නය මඟින් 814 දෙනෙ­කුද පුහුණු කර ක්ෂේත්‍ර­ගත කර ඇති බවද ඉදි­කි­රීම් කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

 

උපාලි කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x