Wednesday, July 3, 2024
Home » තර­ග­ක­රු­වන්ට හා පවුලේ සාමා­ජි­ක­යන්ට මෝටර් රථ ක්‍රීඩා නිල­ව­ර­ණයේ නාම­යෝ­ජනා තහ­නම් කරයි

තර­ග­ක­රු­වන්ට හා පවුලේ සාමා­ජි­ක­යන්ට මෝටර් රථ ක්‍රීඩා නිල­ව­ර­ණයේ නාම­යෝ­ජනා තහ­නම් කරයි

by damith
July 1, 2024 12:14 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේ­ල­නයේ ඉදිරි නිල­ව­ර­ණ­යේදී ජාතික මෝටර් රථ ක්‍රීඩා තර­ග­ක­රු­වන්ට සහ ඔවුන්ගේ සමී­ප­තම පවුලේ සාමා­ජි­ක­යන්ට නිල­තල දැරීම නුසු­දුසු බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය (රියර් අද්මි­රාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා ලිඛිත නියෝ­ග­යක් නිකුත් කරයි. වත්මන් වර්ෂය සඳහා ජාතික මෝටර් රථ ක්‍රීඩා බල­ප­ත්‍ර­යක් ඇති හෝ පසු­ගිය මාස 12 තුළ ජාතික ඉස­ව්ව­ලට සහ­භාගි වූ තර­ග­ක­රු­වන් හෝ එම තර­ග­ක­රු­වන්ගේ මවු­පි­යන්, සහෝ­දර සහෝ­ද­රි­යන් සහ එවැනි ඕනෑම පුද්ග­ල­ය­කුට ඉදිරි නිල­ව­ර­ණ­යට නාම­යෝ­ජනා ලබා­දීම නුසු­දුසු බව එම­ඟින් දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේ­ල­නයේ ඉදිරි නිල­ව­ර­ණය සඳහා නාම­යෝ­ජනා භාර ගැනීම පසු­ගි­යදා සිදු කළ අතර, එහිදී මේ තීර­ණ­යට ඇතැම් පිරිස් විරෝ­ධය පළ කොට ඇතැයි වාර්තා වේ. එහෙත් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පරි­පා­ල­නයේ සාධා­ර­ණ­ත්වය තහ­වුරු කිරීම උදෙසා, ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා නිල­ව­රණ සාධා­රණ සහ විනි­විද භාව­ය­කින් යුක්තව පැවැ­ත්වීම උදෙසා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට බලය පව­ර­මින් නිකුත් කළ අංක 2382/32 දරන අති­වි­ශේෂ ගැසට් පත්‍රයේ ප්‍රති­පා­දන අනුව මෝටර් රථ ක්‍රීඩා අනු­බද්ධ සංගම් වෙත මෙම දැනු­ම්දීම කළ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ‘දින­මිණ’ට පැව­සීය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේ­ලන නිල­ව­ර­ණ­යේදී ඡන්ද අයි­තිය හිමි ක්‍රීඩා සංගම් 11ක නිල­ධා­රීන්ට මේ බව ලිඛි­තව දැනුම්දී ඇති හෙයින් එහි අඛ­ණ්ඩ­තාව සහ විනි­වි­ද­භා­වය සහ­තික කිරී­මට ඔවුන් කැප­වනු ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ විශ්වා­ස­යවී තිබේ. මේ තීර­ණා­ත්මක පිය­ව­රට අනු­කූල නොවන අයගේ නාම­යෝ­ජනා අව­ලංගු වනු ඇතැයි හෙතෙම සඳ­හන් කළේය.

නිල­ව­රණ කමිටු හඳුන්වා දෙමින් පසු­ගි­යදා පැවති විශේෂ මහා සභා රැස්වී­ම්ව­ලදී කිසිදු විරෝ­ධ­තා­වක් එල්ල නොවූ ජාතික ක්‍රීඩා සංගම් හත­රෙන් තුනක නිල­ව­රණ පැවැ­ත්වී­මට ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව පසු­ගි­යදා දින නියම කළේය. ඒ අනුව නෙට්බෝල්, පාපැදි හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංග­ම්වල නිල­ව­රණ ලබන මස 24 හා 25 දින­ව­ලදී ක්‍රීඩා අමා­ත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ.

දශක දෙක­කට ආසන්න කාල­යක් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේ­ල­නයේ පරි­පා­ල­නය එකම පිරි­සක් අතර බෙදී ගිය බවට ඇතැම් සාමා­ජික සංග­ම්ව­ලින් චෝදනා එල්ලවී තිබිණි. තවද එම නිල­ධා­රීන්ම තර­ග­ව­ලට ඉදි­රි­පත්වී මුදල් තෑගි බෙදා ගන්නා බවට එල්ල වූ තවත් චෝද­නා­වකි. එප­ම­ණක් නොව, මෝටර් රථ ක්‍රීඩා අංශය තුළ කිසිදු ක්‍රියා­කා­රී­ත්ව­යක් නොමැති ඊනියා ‘කඩ­දාසි ක්‍රීඩා සංගම්’ පහක පැවැත්ම ද අභි­යෝ­ග­යට ලක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x