Wednesday, July 3, 2024
Home » ජාතික ක්‍රීඩා තර­ගා­ව­ලියේ පාපන්දු ශූරතා උතු­රට හා බස්නා­හි­රට

ජාතික ක්‍රීඩා තර­ගා­ව­ලියේ පාපන්දු ශූරතා උතු­රට හා බස්නා­හි­රට

by damith
July 1, 2024 1:16 am 0 comment
ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක්වූ ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ. මහේ­ෂන් මහතා අතින් උතුරු පළාත් ක්‍රීඩ­කයෝ සම්මාන ලබා­ගත් අයුරු. ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය (රියර් අද්මි­රාල්) ෂේමාල් ප්‍රනාන්දු හා යාප­නය මහා දිසා­පති එම්. ප්‍රදී­පන් යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් සිටිති.

හත­ළිස් අට­වැනි ජාතික ක්‍රීඩා තර­ගා­ව­ලියේ පිරිමි පාපන්දු ශූර­තාව වසර 5කට පසු උතුර පළාත හිමි­කර ගත් අතර, පසු­ගිය ශූර වයඹ පරා­ජය කළ බස්නා­හිර ක්‍රීඩි­කාවෝ එහි කාන්තා ශූර­තාව දිනා ගත්හ.

පිරිමි පාපන්දු අව­සන් තර­ග­යේදී උතුර හා වයඹ අතර උණු­සුම් අව­ස්ථා­වක්.                              ඡායා­රූප - ප්‍රින්ස් ගුණ­සේ­කර

පිරිමි පාපන්දු අව­සන් තර­ග­යේදී උතුර හා වයඹ අතර උණු­සුම් අව­ස්ථා­වක්. ඡායා­රූප – ප්‍රින්ස් ගුණ­සේ­කර

යාප­නය දොරෙයි අප්පා ක්‍රීඩාං­ග­ණයේ පෙරේදා නිමාවූ මේ තර­ගා­ව­ලියේ පිරිමි අව­සන් තර­ග­යේදී උතුරු පළාත් පිල දඬු­වම් පහර 4-3කින් වයඹ පළාත් පිල පරා­ජ­යට පත් කළේය. නිය­මිත කාල­යේදී ගෝල් 1-1ක් ලෙස සම තත්ත්ව­යට පත්වී­මෙන් දෙපි­ලට දඬු­වම් පහර ප්‍රදා­නය විය. මෙහි තෙවැනි ස්ථානය දකුණු පළාත දිනා ගත්තේය.

බස්නා­හිර – වයඹ අතර කාන්තා පාපන්දු අව­සන් තර­ගය ගෝල් වාර්තා නොවී සමවූ හෙයින් දෙපි­ලට දඬු­වම් පහර ප්‍රදා­නය විය. එහිදී දඬු­වම් පහර 4-3ක් ලෙස බස්නා­හිර පළාත ජය හිමි­කර ගත්තේය. කාන්තා පාපන්දු තෙවැනි ස්ථානය සබ­ර­ග­මුව දිනා ගත්තේය. දක්ෂ­තම ක්‍රීඩි­කා­වට හිමි සම්මා­නය බස්නා­හිර පළාතේ ප්‍රවීනා මධුකි පෙරේරා දිනා ගත්තාය. පළාත් 9ක කාන්තා හා පිරිමි කණ්ඩා­යම් සහ­භා­ගිවූ මූලික වටය පිළි­ම­ලුන් පිටු දැකීමේ ක්‍රම­යට පැවැ­ත්විණි. ජාතික මහා ක්‍රීඩා තර­ගා­ව­ලියේ පසු­ගිය වසරේ කාන්තා පාපන්දු ශූර­තාව වයඹ දිනා­ගත් අතර, එහි අනු­ශූ­ර­තාව බස්නා­හිර ක්‍රීඩි­කාවෝ දිනා ගත්හ.

ප්‍රින්ස් ගුණ­සේ­කර යාප­නය දොරේ අප්පා ක්‍රීඩාං­ග­ණයේ සිට...

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x