Wednesday, July 3, 2024
Home » ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩ­කයෝ පළමු තර­ගය ජය ගනිති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩ­කයෝ පළමු තර­ගය ජය ගනිති

මහිත්-ශාරු­ජන් දිනි­රු­ගෙන් අර්ධ ශතක

by damith
July 1, 2024 1:17 am 0 comment
ශාරු­ජන් ෂන්මු­ග­නා­දන්

අර්ධ ශතක 3ක් සමඟ පිති­ක­රු­වන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතු­වෙන් එංග­ලන්ත යොවුන් කණ්ඩා­ය­මට එරෙ­හිව පැවැති පළමු එක්දින තර­ග­යෙන් ලකුණු 65ක විශිෂ්ට ජයක් හිමි කර ගැනී­මට සංචා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කණ්ඩා­යම සමත් විය.

මහිත් පෙරේරා

මහිත් පෙරේරා

මේ සමඟ තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 1-0ක් ලෙස පෙර­මුණ ගැනී­මට ද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩ­කයෝ සමත් වූහ.

චෙල්ම්ස්ෆ­ර්ඩ්හිදී පැවැති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ කඩුලු 6ක් දැවී ලකුණු 294ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා­ගිය එංග­ලන්ත යොවුන් පිලට ඕවර 43.3කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 229ක් පමණි. නෝවා තායින් (58) සහ ලූක් බෙන්ක­න්ස්ට­යින් (51) අර්ධ ශතක රැස් කර­මින් කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කරා ගෙන යෑමට උත්සාහ කළේ සිවු­වැනි කඩු­ල්ලට ලකුණු 90ක සබ­ඳ­තා­වක් ගොඩ­න­ඟ­මිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යව­න්නන් හමුවේ එය අසා­ර්ථක විය. ශ්‍රී ලංකා සම්භ­ව­යක් සහිත කේෂණ පෙරේරා එංග­ලන්ත ඉනිම ආරම්භ කළ ද ඔහුට රැස් කළ හැකි වූයේ ලකුණු 25ක් පමණි.

පන්දු යැවී­මේදී විහස් තෙව්මික කඩුලු 3ක් බිඳ දැමූ අතර, හිවින් කෙනුල, තිසර ඒක­නා­යක හා ප්‍රවීන් මනීෂ කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලු 3ක් ලකුණු 67ක් වෙද්දී බිඳ වැටුණ ද ශාරු­ජන් සන්මු­ග­නා­දන් නායක දිනුර කළු­ප­හන සමඟ එක්ව සිවු­වැනි කඩු­ල්ලට පන්දු 91කින් ලකණු 73ක් එක් කළ අතර, මුළු ලකුණු 138දී දිනුර අවා­ස­නා­වන්ත ලෙස දැවී ගියේ අර්ධ ශත­ක­යට ලකු­ණක් පසු­ප­සින් සිටි­ය­දීය. ඉන් පසු අංක 6 පිති­කරු ලෙස පිටි­යට පිවිසි මහිත් පෙරේරා අර්ධ ශතක සබ­ඳතා දෙකක් ගොඩ­න­ඟ­මින් ඉනිම ඉහළ නැංවී­මට දායක විය.

දිනිරු අබේ­වි­ක්‍ර­ම­සිංහ

දිනිරු
අබේ­වි­ක්‍ර­ම­සිංහ

ශාරු­ජන් සම­ඟින් 5 වැනි කඩු­ල්ලට පන්දු 59කින් ලකුණු 67ක් එක් කළ මහිත් සමඟ 6 වැනි කඩු­ල්ලට එක්වූ දිනිරු අබේ­වි­ක්‍ර­ම­සිංහ පන්දු 68කින් ලකුණු 89ක් ගොඩ­න­ඟ­මින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 අබි­ය­සට රැගෙන ගියේය. ශාරු­ජන් පන්දු 75කදී හතරේ පහර 7ක් සම­ඟින් ලකුණු 57ක් රැස් කළ අතර, දිනිරු වේග­වත් ඉනි­මක් ක්‍රීඩා කර­මින් හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කර­මින් ලකුණු 52ක් රැස් කළ අතර, ඔහු වැය කළේ පන්දු 37ක් පමණි. මහිත් පන්දු 60කදී හතරේ පහර 4ක් සහ හයේ පහ­රක් සම­ඟින් ලකුණු 58ක් රැස් කර­මින් ඉනිම නිමා වන විටත් නොදැවී සිටි­යේය. පුහුණු තර­ග­යේදී විශිෂ්ට ශත­ක­යක් රැස් කළ පුලිඳු පෙරේ­රාට මේ තර­ග­යේදී රැස් කළ හැකි වූයේ ලකුණු 19ක් පමණි. මහිත් සහ දිනිරු මේ තර­ග­යේදී සිය මංගල එක්දින අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙනිණි.

මේ තර­ග­යේදී දිනිරු අබේ­වි­ක්‍ර­ම­සිංහ, මහිත් පෙරේරා, දුමින්ද සෙව්මිණ, ගයන වීර­සිංහ, හිවින් කෙනුල, ප්‍රවීන් මනීෂ සහ තිසර ඒකා­න­යක ශ්‍රී ලංකාව වෙනු­වෙන් යොවුන් එක්දින තරග වරම් හිමි කර ගත්හ.

දෙපිල අතර දෙවැනි එක්දින තර­ගය අද (1) හෝව්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් පිල – 294/6යි. (ඕවර 50) මහිත් පෙරේරා නොදැවී 58, ශාරු­ජන් ෂන්මු­ග­නා­දන් 57, දිනිරු අබේ­වි­ක්‍ර­ම­සිංහ 52, දිනුර කළු­ප­හන 49, පුලිඳු පෙරේරා 19 (නෝවා කෝන්වෙල් 54/3)

එංග­ලන්ත යොවුන් පිල – 229යි. (ඕවර 43.3) නෝවා තායින් 58, ලූක් බෙන්ක­න්ස්ට­යින් 51, හැරී මෝ 26, කේෂන ෆොන්සේකා 25 (විහස් තෙව්මික 37/3, හිවින් කෙනුල 28/2, තිසර ඒක­නා­යක 48/2, ප්‍රවීන් මනීෂ 50/2, දිනුර කළු­ප­හන 24/1)

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x