Wednesday, July 3, 2024
Home » ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය අද සිට සති තුනක්

ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය අද සිට සති තුනක්

by damith
July 1, 2024 1:18 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණ­කෙ­ළිය ලෙසින් සැල­කෙන ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද පස්වරු 7ට දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩා­යම අතර තර­ග­යෙන් පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. පසු­ගිය වස­රේදී කැන්ඩි පිල ශූර­යන් බවට පත්වූ හෙයින් තර­ගා­ව­ලිය මහ­නු­ව­රින් ආරම්භ කිරී­මට තීර­ණ­යවී ඇත.

කළ­මුබ් ස්ට්‍රයි­කර්ස්, ජැෆ්නා කිංග්ස්, දඹුල්ල සික්සර්ස්, ගෝල් මාව­ර්ලස් හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩා­යම් මෙවර තර­ගා­ව­ලි­යට එක්ව සිටින අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩ­ක­යන් ශ්‍රී ලංකා­වට පැමි­ණෙ­මින් සිටිති.

සති තුන­කට ආසන්න කාල­යක් පැවැ­ත්වෙන ලංකා ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලිය මහ­නු­වර පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී, දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී හා කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

බට­හිර ඉන්දීය කොදෙව්හි ඊයේ නිමාවූ විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය නියෝ­ජ­නය කළ ක්‍රීඩ­ක­යන් 32ක් මෙවර තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන අතර, ජය­ග්‍රාහී කණ්ඩා­ය­මට කුස­ලා­නය සමඟ රුපි­යල් කෝටි 3ක මුදල් ත්‍යාග­යක් හිමි වේ. අනු­ශූ­ර­යන්ට රුපි­යල් කෝටි 1.5ක මුද­ලක් පිරි­නැ­මී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සූදා­න­ම්වන අතර, එය මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන තර­ගා­ව­ලි­ය­කදී පිරි­න­මන දැවැ­න්තම ත්‍යාග මුදල වේ.

විදෙස් ක්‍රීඩ­ක­යන් සමග ශ්‍රී ලාංකේය නැඟී එන ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් මේ තර­ගා­ව­ලි­යට එක්වන හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන්ට මේ තර­ගා­ව­ලිය විශාල අත්දැ­කී­මක් වනු ඇත.

****

මහනුවරදී පැවැත්වෙන තරග

අද (1) කැන්ඩි – දඹුල්ල (රාත්‍රි 7.30)

හෙට (2): ජැෆ්නා – ගෝල් (ප.ව.3.00)

කළම්බු – කැන්ඩි (රාත්‍රි 7.30)

ජූලි 3 දා: දඹුල්ල – ජැෆ්නා (ප.ව.3.00)

ගෝල් – කළම්බු (රාත්‍රි 7.30)

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x