Home » අවා­ස­නාව යළි දකුණු අප්‍රි­කාව පසු­පස එද්දී ඉන්දි­යාව වසර 17කට පසු විස්සයි20 කිරුළ පලඳී

අවා­ස­නාව යළි දකුණු අප්‍රි­කාව පසු­පස එද්දී ඉන්දි­යාව වසර 17කට පසු විස්සයි20 කිරුළ පලඳී

by damith
July 1, 2024 1:20 am 0 comment

නව­වැනි වරට පැවති විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අප­රා­ජි­ත­යන් ලෙස වසර 17කට පසු ශූර­තාව දිනා ගැනී­මට ඉන්දි­යාව සමත් විය.

ක්‍රිකට් පිටියේ අවා­ස­නා­වන්ත කණ්ඩා­ය­මක් ලෙස නම් දරා සිටින දකුණු අප්‍රි­කා­වට ඉන්දි­යාව හමුවේ ලකුණු 7කින් පරා­ජය වීමෙන් මෙවර අනු­ශූ­ර­තා­ව­යෙන් සෑහී­මට සිදු විය. සිය ක්‍රිකට් තරග ඉති­හා­සයේ දකුණු අප්‍රි­කා­නු­වන් ඕනෑම ආකෘ­ති­ය­කින් අව­සන් තර­ග­ය­කට එක් වූ පළමු අව­ස්ථාව මෙය වීම විශේ­ෂ­ත්ව­යකි.

මේ දෙපි­ලම අප­රා­ජි­ත­යන් ලෙස අව­සන් තර­ග­යට එක්වූ අතර, ඒ අනුව ශූර­තාව දිනා­ගත් ඉන්දීය කණ්ඩා­යම විස්සයි20 ලෝක කුස­ලාන තරග බිමේ අප­රා­ජි­තව ශූර­තාව දිනා­ගත් පළමු කණ්ඩා­යම ලෙස ඉති­හා­ස­යට එක්විය.

ඉන්දි­යාව මේ ශූර­තාව දිනා­ගත්තේ දෙවැනි වරට වන අතර, මින් පෙර විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය ආරම්භ වූ 2007 වසරේ ඔවුන් ශූර­තාව දිනා තිබේ.

මේ සමඟ දෙව­රක් විස්සයි20 ලෝක කුස­ලා­නය දිනා­ගත් තෙවැනි කණ්ඩා­යම බවට ඉන්දි­යාව පත්විය. මින් පෙර බට­හිර ඉන්දීය කොදෙව් පිල (2012 හා 2016) සහ එංග­ල­න්තය (2010 සහ 2022) දෙව­රක් ශූර­තාව දිනා තිබේ.

බාබ­ඩෝස්හි කෙන්සිං­ටන් ඕවල් පිටියේ පැවති අව­සන් තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ඉන්දි­යාව කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු 176 හඹා­ගිය දකුණු අප්‍රි­කා­වට ඕවර 20 අව­සා­නයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 169ක් පමණි.

මෙවර තර­ගා­ව­ලියේ අව­සන් තර­ගය තෙක් ලකුණු අත­රට පිවි­සී­මට අස­මත් වූ විරාට් කෝලි අව­සන් තර­ග­යේදී විශිෂ්ට ඉනි­මක් ක්‍රීඩා කර­මින් ලකුණු 76ක් රැස් කළේ පන්දු 59කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සම­ඟිනි. දකුණු අප්‍රි­කාව වෙනු­වෙන් හෙන්රිච් ක්ලාසෙන් පන්දු 27කින් වේග­වත් ලකුණු 52ක් රැස් කළ ද ඔහු දැවී යෑමත් සමඟ දකුණු අප්‍රි­කා­වෙන් ජය ගිලිහී ගියේය.

අව­සන් තර­ගයේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන දිනා­ගත් අතර, තර­ගා­ව­ලියේ වීරයා සම්මා­නය ජස්ප්‍රීට් බුම්රාට හිමි විය. ඔහු තර­ගා­ව­ලිය පුරා කඩුලු 15ක් දවා ගැනී­මට සමත් විය. තර­ගා­ව­ලියේ වැඩිම කඩු­ලු­ලා­භියා වූ ඇෆ්ග­නි­ස්තා­නයේ ෆස­ල්හක් ෆාරුකි සහ අර්ෂ්දීප් සිං කඩුලු 17 බැගින් බිඳ හෙළා තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x