Home » කෝලි-ශර්මා කුස­ලා­නය රැගෙන ගෙදර යන්නම යති

කෝලි-ශර්මා කුස­ලා­නය රැගෙන ගෙදර යන්නම යති

by damith
July 1, 2024 1:19 am 0 comment

විස්සයි20 ලෝක කුස­ලා­නය දිනූ ඉන්දීය කණ්ඩා­යමේ නායක රෝහිත් ශර්මා සහ කණ්ඩා­යමේ ජ්‍යෙෂ්ඨ­තම ක්‍රීඩ­ක­යකු වූ සුපිරි පිති­කරු විරාට් කෝලි ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටි­යට සමු­දී­මට තීර­ණය කර තිබේ.

ලෝක කුස­ලාන අව­සන් තර­ග­යෙන් අන­තු­රුව පළමුව විරාට් කෝලිත්, පසුව රෝහිත් ශර්මාත් මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් සිය සමු­ගැ­නීම් ප්‍රකාශ කළහ.

මෙය ඔවුන්ට ලබා­ගැ­නී­මට අවශ්‍ය වූ දෙය බවත්, මේ තමාගේ අව­සන් විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය මෙන්ම විස්සයි20 තර­ගා­ව­ලිය ද වන බව කී 35 හැවි­රිදි කෝලි මෙවර ශූර­තාව දිනු­වත් පැර­දු­ණත් මේ තීර­ණය ගැනී­මට සූදා­න­මින් සිටි බව ද කීය.

2010 වසරේ ජාත්‍ය­න්තර විස්සයි20ට පිවිසි කෝලි වසර 14ක තරග දිවිය නිමා කළේ තරග 125කදී ලකුණු 4188ක් රැස් කර­මිනි. ඊට ශත­ක­යක් සහ අර්ධ ශතක 38ක් ඇතු­ළත් වූ අතර, ඔහු විස්සයි20 ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ දෙවැනි වැඩිම ලකු­ණු­ලා­භියා වූයේ නායක රෝහිත් ශර්මාට පම­ණක් දෙවැනි වෙමිනි. කෝලි 2014 සහ 2016 විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­වලි ද්විත්ව­යේ­දීම තර­ගා­ව­ලියේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීම විශේ­ෂ­ත්ව­යකි.

කෝලිට පසුව ශර්මා ද සිය සමු­ගැ­නීම ප්‍රකාශ කළ අතර, මෙය තමා­ගෙත් අව­සන් විස්සයි20 තර­ගා­ව­ලිය බවත් මේ ආකෘ­ති­යෙන් සමු­ගැ­නී­මට මීට වඩා හොඳ කාල­යක් නැතැ බවත් කී රෝහිත් ශර්මා තමා ක්‍රිකට් දිවිය ආරම්භ කළ මේ ආකෘ­ති­යෙන්ම ලෝක කුස­ලා­න­යක් දිනා ගැනී­මට අවශ්‍ය වූ බවත් එය ඉටු­වීම සතු­ටක් බවත් කීය.

2007 වසරේ ක්‍රිකට් පිටි­යට පිවිසි 37 හැවි­රිදි ශර්මා තරග 159කදී ශතක 5ක් සහ අර්ධ ශතක 32ක් සම­ඟින් ලකුණු 4231ක් රැස් කර ඇත්තේ විස්සයි20 ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකු­ණු­ලා­භියා ලෙසිනි.

ශර්මා සිය මංගල විස්සයි20 තර­ග­යත් (2007 එංග­ල­න්ත­යට එරෙ­හිව ඩර්බ­න්හිදී) අව­සන් තර­ග­යත් ලෝක කුස­ලාන තර­ගා­ලි­ය­කදී ක්‍රීඩා කිරීම විශේ­ෂ­ත්ව­යකි.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x