මීට වසර 14 කට පෙර වැඩ ආරම්භ කර ගම්මානයේ දායක කාරකාදීන්ගේ මූල්‍ය පරිත්‍යාගවලින් මෙන්ම ශ්‍රමය යොදවා පසුගියදා වැඩ නිම කරන ලද වැලිකන්ද මැණික්වෙල පූජාරාමයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඉකුත් 29 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.
මැණික්වෙල පූජාරාමාධිපති වස්කඩුවේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි, දායකකාරකාදීන් මෙන්ම ගම්මානයේ බාල, තරුණ, මහලු, වැඩිහිටි, සෑම සියලු දෙනාගේ මූල්‍ය දායකත්වය, හා ශ්‍රමය යොදවා මෙම චෛත්‍යය වසර දාහතරක් පුරා ඉදිකෙරුණි.
මැණික්වෙල අංක 83 ලිපිනයේ පදිංචි 83, වියති වකුගඩු රෝගියකු වන පී.වී. පේමාවතී මහත්මියට, මුල් කාලයේ රජයෙන් ලැබුණ රුපියල් 2500 වකුගඩු ආධාර මුදල මාස දහයක් පමණ කාලයක් එකතු කර රුපියල් 25,000ක මුදලක් මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට පූජා කිරීම විශේෂත්වයක් විය.
පසුව රජයෙන් වකුගඩු රෝගීන් වෙනුවෙන් මාසිකව රුපියල් 5000 ක මුදලක් ලබාදීමට කටයුතු කර තිබූ අතර එයින්ද මාස දෙකක මුදලක් පේමාවතී මහත්මිය ඉතිරි කරගෙන මෙම චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට පරිත්‍යාග කර තිබෙන බව දායක සභාව සඳහන් කරයි.
රුපියල් ලක්ෂ 150කට වැඩි මුදලක් වැයකරමින් ඉදිකරන ලද පූජාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භ නිදන් වස්තු තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නය වැඩම කර සිටියහ.